
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීම සඳහායි.
ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, මෙම සංචාරයට එක්ව ඇති අතර ඔවුන් නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන තිස්වන දා යි.
කෙසේ වෙතත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සදහා රවී කරුණානායක මේ වන විට පත්ව සිටින අතර, අනෙක් මන්ත්‍රී ධූරය සදහා පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යෑම නිසා එම අර්බුධය විසඳීම තවත් ප්‍රමාද වීමට ඉඩ කඩ පවතිනවා.