
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී තිබෙනවා.
එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.