රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට දිනයෙන් අවසන් වනවා.
මේ අතර, මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 13 වැනිදා අවසන් වීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එදින සිට එම පාසල් සඳහා නිවාඩුව ආරම්භ වන බවයි.
කෙසේ වෙතත්, තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ජනවාරි දෙවන බ්‍රහස්පතින්දා සියලුම පාසල් නැවත ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.