/
/
title icon සජිත්ගේ ජාතික ලැයිස්තු නම් ගැන අද තීරණයක් - මුස්ලිම් කොංග්‍රසයත් නියෝජිතයා නම් කරයි
සජිත්ගේ ජාතික ලැයිස්තු නම් ගැන අද තීරණයක් - මුස්ලිම් කොංග්‍රසයත් නියෝජිතයා නම් කරයි
Editor
1 week ago
Share:
සජිත්ගේ ජාතික ලැයිස්තු නම් ගැන අද තීරණයක් - මුස්ලිම් කොංග්‍රසයත් නියෝජිතයා නම් කරයි

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතිකලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් ඉතිරි හතර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායකයින් අද රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

සමගි ජන බලවේගයට හිමි වූ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට පෙර නම් කළ අතර, ඔහුගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එරාවූර් නගර සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතාව පත් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required