/
/
title icon
IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද
IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද
Kavindi Yaggahavit
3 months ago
Share:
IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇති බව සඳහන්.

තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවති බව සඳහන්.

එම සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා.

දෙපාර්ශවය අතර සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා තහවුරු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required