
2024 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් ගෑස් සිලින්ඩරයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය සම්බන්ධව එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පක්ෂ මූලස්ථානයේදී රැස්ව වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එකක් සඳහා එහි මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් පසුගියදා රවී කරුණානායක නම් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් වී නොතිබූ පසුබිමකයි.