/
/
title icon
අස්වැසුම ඉල්ලන්න මහජනතාවට අතිරේක සහන කාලයක්
අස්වැසුම ඉල්ලන්න මහජනතාවට අතිරේක සහන කාලයක්
Presila Sandaruwani
3 months ago
Share:
අස්වැසුම ඉල්ලන්න මහජනතාවට අතිරේක සහන කාලයක්

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

ඒ සඳහා වන අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකියි.

එමෙන් ම අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අගතියට පත් පුද්ගලයින්ට දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීම සඳහා ද දෙසැම්බර් මස 15 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු පැවසූවා.

මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 17ක් සඳහා දීමනා ගෙවීම සිදු කරන අතර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එහි දෙවන අදියර සඳහා අයදුම්පත් හාර ලක්ෂ 55,000ක් ලැබී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required