/
/
title icon
උසස් පෙළ විභාගය හෙට
උසස් පෙළ විභාගය හෙට
Presila Sandaruwani
3 months ago
Share:
උසස් පෙළ විභාගය හෙට

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට ආරම්භ වන අතර මෙය විභාග මධ්‍යස්ථාන 2,312 දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රවේශ පත්‍රයේ ඇති අපේක්ෂකයාගේ අත්සන, සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තහවුරු කරගෙන, වලංගු අනන්‍යතා පත්‍රයක් සහිතව විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවයි.

උසස් පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 333,185ක් සුදුසුකම් ලබා සිටින අතර ඉන් 253,390 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වනවා. සෙසු 79,795 දෙනා පෞද්ගලික අපේක්ෂකයන්.

දින 22ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතව ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required