/
/
title icon
ගංවතුර අවධානම ඉහළට - අවධානම් සහිත ගංගා ද්‍රෝණි 12ක් නම් කෙරේ
ගංවතුර අවධානම ඉහළට - අවධානම් සහිත ගංගා ද්‍රෝණි 12ක් නම් කෙරේ
Presila Sandaruwani
3 months ago
Share:
ගංවතුර අවධානම ඉහළට - අවධානම් සහිත ගංගා ද්‍රෝණි 12ක් නම් කෙරේ

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළා.

කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් තුළ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

එම තත්ත්වය සහ එම ප්‍රදේශවල ජලාශ සහ ගංඟාවන්හි හැසිරීම් රටාව හා පසුගිය අත්දැකීම් අනුව හෙට සිට එළැඹෙන 28 දක්වා වූ කාලය තුළ පහතින් නම්කර ඇති ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි ගංඟා ද්‍රෝණි

1. මල්වතු ඔය ද්‍රෝණිය
2. කලා ඔය ද්‍රෝණිය
3. කනගරායන් ආරු ද්‍රෝණිය
4. පරංගි ආරු ද්‍රෝණිය
5. මා ඔය ද්‍රෝණිය
6. යාන් ඔය ද්‍රෝණිය
7. මහවැලි ගඟ ද්‍රෝණිය
8. මාදුරු ඔය ද්‍රෝණිය
9. මුන්දෙනිආරු ද්‍රෝණිය
10. ගල්ඔය ද්‍රෝණිය
11, හැඩඔය ද්‍රෝණිය
12. විල ඔය ද්‍රෝණිය
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required