/
/
title icon
IMF තුන්වන සමාලෝචනය
IMF තුන්වන සමාලෝචනය
Presila Sandaruwani
3 months ago
Share:
IMF තුන්වන සමාලෝචනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද ප්‍රකාශ කළා.

කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදා හැරෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 3ක සිව්වස් විස්තීර්ණ ණය වැඩසටහන අනුමත කළේ 2023 වසරේ මාර්තු 20 වැනිදා.

ඒ සමග ම විස්තීර්ණ ණය වැඩසටහනේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් ශ්‍රී ලංකාවට මුදාහැරුණා.

පළමු ඇගයීම සමාප්ත කිරීමෙන් පසු දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක මුදලක් පසුගිය 2023 වසරේ දෙසැම්බර්යේ දී ශ්‍රී ලංකාවට හිමි වූ අතර, දෙවැනි ඇගයීමෙන් පසු තුන්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 336 පසුගිය ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට හිමිවුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවති අතර ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ  ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වුණා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා,

"බලධාරීන් සමඟ අප පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට සිව්වස් විස්තීරණ ණය මුදලේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව සතුටින් නිවේදනය කරන්න කැමතියි. IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇගයීම් සම්පූර්ණ කිරීම සඳහා බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නැංවීම අවශ්‍ය වනවා. 2025 අයවැය IMF වැඩසටහනේ අරමුණුවලට අනුකූලවීම ඊට ඇතුළත්. වැඩසටහනේ ප්‍රමාණවත් මූල්‍යකරණයක් සහතික කිරීමත් එහි දී වැදගත් වනවා. විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 330ක් පමණ මුදලකට ප්‍රවේශය හිමිවනවා. ඒ සමඟ ම විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවන මුළු මුදල ඩොලර් බිලියන 1.3 ඉක්මවනවා."

"විස්තීරණ ණය වැඩසටහනේ සහාය ලබන ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. මේ වසරේ ජුනි මාසයෙන් අවසන් වු කාර්තු 04 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4% ක සාමාන්‍යයකින් වර්ධනය වි තිබෙනවා. මතුපිට උද්ධමනය හා මූලික උද්ධමනය තුන්වැනි කාර්තුවේ දි 0.8% ක්, 3.8% ක් ලෙස පාලනය කිරීමට හැකිවි තිබෙනවා. දළ නිල වත්කම් සංචිත ඩොලර් බිලියන 6.4 දක්වා ඔක්තෝබර් අවසානය වනවිට ඉහළ ගොස් තිබෙනවා. එහි දි මහබැංකුව විසින් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිල දී ගැනීමක්ද දැකිය හැකියි. කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රජයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත්වීමක් ද දක්නට ලැබෙනවා."

"ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයට ම බලපෑමක් ඇතිකළ නිසා, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ එම මුළු ජනකොටසට ම සාධාරණ ලෙස බෙදීයාමක් අවශ්‍ය වනවා."

"ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඊළඟ පියවර වන්නේ වාණිජ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම නිල ණයහිමියන් සමඟ එකඟතාවන් අවසන් වශයෙන් සැකසීම හා අනෙකුත් එකඟතාවන්හි කොන්දේසි ක්‍රියාවට නැංවීමයි. එය ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරුකරලීමට ඉවහල් වේවී."

ප්‍රශ්නය -  පැවති රජය බලයෙන් ඉවත්කොට නව රජය පිහිටුවීම සඳහා මධ්‍යම ප්‍රාන්තිකයින් ඇතුළු බහුතර ජනතාවක් වෙතින් විශාල ජනවරමක් ලැබු නව රජය ශ්‍රී ලංකාව ඉදිරියට යා යුත්තේ කෙසේද පිළිබඳ නව ආකාරයකින් කටයුතු කිරීමට උත්සාහ කරද්දි IMF වැඩසටහනේ යම් වෙනසක් සඳහා ඔබ නම්‍යශීලිත්වයක් දක්වනවා ද?

"ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයන් තවමත් වෙනස් වී නැහැ. ආර්ථික අර්බුදයෙන් පූර්ණ ලෙස ප්‍රකෘතිමත් වියයුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් මෙහි දි කල්පනා කළ යුතුයි. ස්ථාවර සහ පරිපූර්ණ වර්ධනයක් අත්කරගත හැකි ආකාරය එහි දි විමසා බැලිය යුතුයි. IMF වැඩසටහනේ මුලික ආරක්ෂණ රාමුව සකස්කර තිබෙන්නේ ඒ සඳහා පහසුකම් සැලසීමටයි. එම ආරක්ෂණ රාමුව ඇතුළත නව වාතාවරණයන් සැලකිල්ලට ගෙන වැඩසටහනට යම් සංශෝධන සිදුකිරීම අවශ්‍ය දැයි සොයාබැලිය හැකියි."
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required