
සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපි මල් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි.
ඒ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදීය.
පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභුමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය, සන්නද්ධ සේවා සමග එක්ව වාර්ෂිකව පොපි මල් උත්සවය සංවිධාන කරනු ලබයි.
ජනාධිපතිවරයා උත්සවයට පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් විශ්‍රාමික ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා විසින්.
මෙහි දී ජනාධිපතිවරයා දිවිපිදූ රණවිරුවන් සිහිකොට පුෂ්පෝපහාර දැක්වූවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් ද මීට එක්වූවා.