/
/
title icon
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්
Presila Sandaruwani
3 months ago
Share:
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට සැලසුම් කෙර තිබෙනවා.

නිවාස සඳහා විදුලිබලය සැපයීම 100% කර ගැනීමට ශ්‍රී ලංකාව 2016 වසරේ දී සමත්වුණා.

එසේ ම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේ දී උපරිමය වාර්තා කළ අතර එය මෙගාවොට් 2800ක්. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන් ද සැලකිය යුතු දායකත්වයක් ලැබුණා.

එය 2030 වන විට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කර තිබෙනවා.

2023 දී මෙරට විදුලිබල උත්පාදනයට 50%ක පමණ දායකත්වයක් ලබා දී තිබුණේ තාප බලාගාර මගිනුයි.

නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required