/
/
title icon
චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ජනපති හමුවෙයි
චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ජනපති හමුවෙයි
Editor
4 months ago
Share:
චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ජනපති හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති  සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චීන දූත පිරිස අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා කරනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ චීන උප අමාත්‍යවරිය එම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චීනය සූදානම් බවද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

චීනයේ මෙන්ම ශ්‍රී ලංකාවේද සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන දිගුකාලීන සහයෝගීතා වැඩපිළිවෙළක් දෙරට අතර ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required