/
/
title icon
ඩග්ලස් දේවානන්ද අද මහෙස්ත්‍රාත් අධිකරණයට
ඩග්ලස් දේවානන්ද අද මහෙස්ත්‍රාත් අධිකරණයට
Presila Sandaruwani
3 months ago
Share:
ඩග්ලස් දේවානන්ද අද මහෙස්ත්‍රාත් අධිකරණයට

නඩුවකට සාක්ෂි දීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඩග්ලස් දේවානන්ද මහතාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කළා.

ඉන් අනතුරුව පෙර ඇප මත මුදා හැරුණු දේවානන්ද මහතාට මීළඟ නඩු දිනයේ දී අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණා.

2016 වසරේ දී රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required