
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අද පස්වරුවේ ආරම්භ වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු කණ්ඩායම මිලදී ගනු ලැබුවා.
ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකට අලෙවි වූ අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80ක් වනවා.
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදීයි පැවැත්වෙන්නේ.