
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (27) දිනය, 28 සහ 29 යන දින තුනේ උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ.
විභාග දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ විභාගය කල්දමා ඇති දින තුනට අදාළ විභාගය දෙසැම්බර් 21, 22 සහ 23 යන දිනවලදී පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඊට අදාළ කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.