
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක් ලබාදී තිබෙනවා.මෙම වැඩසටහන යටතේ පළමු ණය මුදල ලෙස 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200ක් නිකුත් කර තිබුණා.දෙවැනි උප වැඩසටහනට අදාළ ඩොලර් මිලියන 200 භාණ්ඩාගාරයට නිදහස් කිරීමට නියමිතය.
මෙරට ආර්ථිකයේ විවිධ අංශ වල ක්‍රියාත්මක ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම වැඩසටහනේ අරමුණ වේ.වසර 5ක සහන ණයක් සහිතව වසර 25ක කාලයක් එම ණය නැවත ගෙවීමට ලැබෙන අතර වාර්ෂික පොලිය 2%කි.
ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆූමි කඩෝනෝ විසින් කොළඹදී අත්සන් තබා තිබෙනවා.