
ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඒ, ගාලු මුවදොර අරගල භූමියට පහරදුන් සිද්ධියේ නඩුවට අදාළවයි.
එම සිද්ධියට සැකකරුවන් ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලුදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.
නමුත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සැකකරුවන් මේ වනවිට විදෙස්ගතව සිටින බවයි.
ඒ අනුව, කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යවා ඇති බවයි.
ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26 වැනිදා නඩුව නැවත කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.