/
/
title icon
පීඩන අවපාතයේ බලපෑම හෙට සිට අඩුවෙයි
පීඩන අවපාතයේ බලපෑම හෙට සිට අඩුවෙයි
Editor
4 weeks ago
Share:
පීඩන අවපාතයේ බලපෑම හෙට සිට අඩුවෙයි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගැඹුරු පීඩන අවපාතය අද පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බවයි ඔවුන් හෙට දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කියා සිටියේ.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බවද ඔවුන් පවසනවා.

හෙට දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, හෙට දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකියි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required