
අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 309ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදුව නැහැ.
ඒ අනුව තවදුරටත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371කට අලෙවි කෙරෙනු ඇති.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286 ක්.
ලංකා සුපර් ඩීසල් මිල වෙනසක් සිදුකර නොමැති අතර, එහි මිල 313ක් ලෙස තවදුරටත් පවතිනවා.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188ක්.