
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලත ම පුද්ගලයා ලෙසයි.
2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
අහමදාබාද්හි පිහිටි ලොව විශාලත ම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සිදු වූයේ ද ඔහු අධීක්ෂණය යටතෙයි.
2019 දී ජේ ෂා ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) සම්බන්ධ වූ අතර එහි ලාබාලත ම ලේකම්වරයා බවට ද පත්වූවා.