
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ FBI සංවිධානය එනම්, ඇමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කර තිබෙනවා.
පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසයි.
පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන් ම ජාතික ආරක්ෂක ලේකම්වරයා ලෙස ද සේවය කළ අයෙක්.
ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙක් වන පටෙිල්, FBI හි බුද්ධි තොරතුරු රැස් කිරීමේ කාර්යභාරය ඉවත් කරන ලෙසටත්, ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට සහාය නොදෙන ඕනෑ ම අයෙක් තනතුරවලින් ඉවත්කළ යුතු බවටත් පැවසූ පුද්ගලයෙක් ලෙස ප්‍රකටව සිටිනවා.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට ප්‍රධානියකු පත්කරනු ලබන්නේ වසර 10ක කාලයක් සඳහායි.