
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින ජනාධිපති කාර්යාලයේ දී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.