/
/
title icon
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
Presila Sandaruwani
2 months ago
Share:
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් හා අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් මෙන් ම ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරඟ කරන ලද දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවයි.

එමෙන් ම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිසම පවසනවා.

තවද අපේක්ෂකයින්ට සහ අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන්ට, ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා සහ එලැඹෙන 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලු ම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර ගැනීමේ විශේෂ ඒකක විවෘතව තැබීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන් ම එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාර නොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලය කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required