
ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමින්.
බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.
මෙම උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබුණා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙන අතර එම අවස්ථාවේ දී එහි උණුසුම් තත්ත්වයක් හටගත් බවයි වාර්තා වන්නේ.
එහි දී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.