/
/
title icon
ජනපති අනුර සුළු හා මධ්‍ය පරිමාණ සහල්මෝල් හිමියන් හමුවෙයි
ජනපති අනුර සුළු හා මධ්‍ය පරිමාණ සහල්මෝල් හිමියන් හමුවෙයි
Editor
2 months ago
Share:
ජනපති අනුර සුළු හා මධ්‍ය පරිමාණ සහල්මෝල් හිමියන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී.

එම සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන් මෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.

ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 

ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබෙනවා.

සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා  පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද  අවධානය යොමුව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required