/
/
title icon
කොටස් වෙළෙඳපොළින් අද වාර්තාවක්
කොටස් වෙළෙඳපොළින් අද වාර්තාවක්
Editor
2 months ago
Share:
කොටස් වෙළෙඳපොළින් අද වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සටහන් වුණා.

එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යාමක්ද වනවා.

මීට පෙර 2022 වසරේ ජනවාරි 19 දින එම අගය වාර්තා වී තිබුණා.

අද දිනයේ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.21ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required