
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාව දැනුම්වත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍තියලිංගම්, සන්මුගනාදන් කුගදාසන්, සානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිගරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්වව සිටියා.