/
/
title icon
අලුත් ආයෝජන කලාප 05ක් - බලපෑම් ඇත්තෙත් නැහැ - ජනපතිගෙන් සහතිකයක්
අලුත් ආයෝජන කලාප 05ක් - බලපෑම් ඇත්තෙත් නැහැ - ජනපතිගෙන් සහතිකයක්
Editor
2 months ago
Share:
අලුත් ආයෝජන කලාප 05ක් - බලපෑම් ඇත්තෙත් නැහැ - ජනපතිගෙන් සහතිකයක්

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදීයි ජනාජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ලබන වසරේදී රට තුළ නව ආයෝජන කලාප 5ක් ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට පැවසුවා.

එමෙන්ම රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබාදෙන බවද හෙතෙම පවසා තිබෙනවා.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බවද මෙහිදී පෙන්වා දුන්නා.

එනිසා ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබාදෙන බවත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required