
උතුරේ මහවිරු සැමරුම පිළිබඳ මුහුණුපොත ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ඇපමත මුදාහැර තිබෙනවා.
ඒ, සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොටිකාවත්තේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.