
සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිනත ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
ඒ, මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේදීයි.
ඔහු මේ වනවිට පළමු ඉනිමේදී නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් එම කඩඉම පසුකළා.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයාද වනවා.
මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර, ඊට පසුව සිටින්නේ මහේල ජයවර්ධනයි.