/
/
title icon
COP 28 සමුළුව – ගෝලීය පරිසර ආරක්ෂාවට නව පියවරක්.
COP 28 සමුළුව – ගෝලීය පරිසර ආරක්ෂාවට නව පියවරක්.
Manjula Disanayaka
2 weeks ago
Share:
COP 28 සමුළුව – ගෝලීය පරිසර ආරක්ෂාවට නව පියවරක්.

COP28 සමුළුව, ගෝලීය දේශගුණික අර්බුදය මගහැරීම සඳහා රටවල් අතර එකඟතාවය හා ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන වාර්ෂික සමුළුවකි. මෙම සමුළුව 2024 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි, UAE හිදී පැවැත්වෙයි. COP සමුළු මාලාව, 1992 දී ආරම්භ කරන ලද UNFCCC (United Nations Framework Convention on Climate Change) යටතේ සංවිධානය කරන ලද ගිවිසුමක ප්‍රතිපලයක් වන අතර, එය ගෝලීය උෂ්ණත්වය 1.5°C සීමාව තුළ පවත්වා ගැනීමට සහ වායු දූෂණය අඩු කිරීමට මූලික වේදිකාවක් සකස් කරයි.

මෙම COP සමුළු මාලාව 1992 දී රියෝ ද ජැනේරෝ නගරයේදී පැවැති පෘථිවි සමුළුව (Earth Summit) නිසා ආරම්භ විය. එහිදී, 197 රටවල් UNFCCC ගිවිසුමට අත්සන් තැබුවේ ගෝලීය උෂ්ණත්ව වර්ධනයේ බලපෑම පාලනය කරනු පිණිසයි. පළමු COP සමුළුව 1995 දී බර්ලින් නගරයේදී පැවැත්විණි.

  • COP3 (1997) ජපානයේ කියෝටෝ නගරයේදී "කියෝටෝ ප්‍රොටෝකෝලය" අත්සන් කරන ලදී.
  • COP21 (2015) පේරිස් ගිවිසුම පිළිගත් අතර, 1.5°C උෂ්ණත්ව සීමාව පවත්වාගැනීමට පියවර ගත් සමුළුවකි. 
  • COP26 (2021)  ග්ලාස්ගෝ, ස්කොට්ලන්තයේදී පැවැති මෙම සමුළුවේදී, රටවල් වායු දූෂණ අඩු කිරීම සඳහා දැඩි උපදෙස්  ලබා දුන්හ.

COP සමුළුවල ප්‍රධාන අරමුණු වන්නේ රටවල් ඒකාබද්ධ කර, ගෝලීය උෂ්ණත්වය 1.5°C සීමාව තුළ පවත්වාගැනීම, සහ වායු දූෂණ අඩු කිරීමට ප්‍රතිපත්ති ගොඩනැගීමයි. එහි 197 පාර්ශවයන් (Parties) විසින් අනුමත විය.197 පාර්ශවයන් යටතට  UNFCCC ගිවිසුමට අත්සන් කළ රටවල් 193ක් සහ යුරෝපීය සංගමය, කුක් දූපත්, සහ නිව්වේ වැනි නිශ්චිත භූමි ප්‍රදේශ කිහිපයක් ය.

2024 දී COP28 සමුළුව ආරම්භ වූයේ ඩුබායි නගරයේ 2024 නොවැම්බර් 30 වන දින සිට  දෙසැම්බර් 12 දක්වාය. මෙය UAE යටතේ සංවිධානය කරන ලද පළමු COP සමුළුවයි. මෙම සමුළුවේදී ගෝලීය වායු දූෂණ අඩු කිරීම, ජල කළමනාකරණය, සහ නැවත පුරවා ගත හැකි ශක්ති මාර්ග අභිවර්ධනය යනාදී ප්‍රමුඛ වශයෙන් විග්‍රහයට ලක් විය.

1. ගෝලීය තත්ත්ව විග්‍රහය (Global Stocktake - GST)

පරිසර ගිවිසුමේ යටතේ පළමු ගෝලීය තත්ත්ව විග්‍රහය අවසන් කර, දේශගුණික ප්‍රගතිය මනාව  පිළිබඳව නව වගන්ති ඉදිරියට ගෙන එන ලදී. රටවල් 2025 වනවිට කාර්මික කාල්බන් උත්සර්ජන අඩු කිරීම සඳහා වැඩි සෙසු කාර්යමාර්ග ඉදිරිපත් කිරීමට ආදේශක මග පෙන්වීමක් ලැබීය .

2. අලාභ සහ හානි අරමුදල

දේශගුණික විනාශයන්ට ලක්වන රටවල් සඳහා සූදානම් කළ අරමුදල ක්‍රියාත්මක කිරීම සිදුවිය. $726 දශලක්ෂය පමණ සභාපතිකයන්ගෙන් ආධාර ලබාගත් අතර, මෙය ප්‍රමාණවත් නොවන බවද සදහන් විය.

3. ඉලක්ක සහ සන්සුන් අරමුණු

2030 වනවිට ජල කළමනාකරණය, කාලගුණ සෞඛ්‍ය සේවා, සහ කෘෂිකර්ම අර්ථසාධක වැනි 7 අරමුණු සකස් කළා.

UN Adaptation Fund සඳහා $188 දශලක්ෂය ලබාදුන් නමුත් මේ අරමුණු සපුරා ගැනීමට තව දුරටත් ආධාර අවශ්‍යය බව සදහන් කර ඇත.

5. (Finance Mobilization)

$85 බිලියනය ඉක්මවූ අරමුදල් පියවීම් මෙහෙයුම් සදහා ලබාගත් අතර, පෞද්ගලික අංශය මීට විශාල ආරක්ෂාවක් ලබාදුන්නා. නමුත් මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අතිවිශාල මුදල් තවමත් අවශ්‍යයි

6. ස්වභාවික හා සෞඛ්‍ය සම්බන්ධතා

දේශගුණික ප්‍රභවයන්ට සෞඛ්‍ය හා පරිසරය සම්බන්ධ කරමින් නව උපායමාර්ග ඉදිරිපත් කරන ලදී. COP28 සමුළුව ජාත්‍යන්තර රටවල්, සංවිධාන, සහ පුද්ගලයන් එකමුතුව ක්‍රියාත්මකව දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නව යාන්ත්‍රණ ප්‍රවර්ධනය කළ මෙන්ම, වායු දූෂණය අඩු කිරීමට සහ ශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව ගමන් මාර්ග සකස් කරන ලදී.

  • පළමු වරට, "Dubai Consensus" මගින් ජීවාවායු භාවිතයෙන් ඉවත්වන වැදගත් පියවරක් දැක්විනි. ගෝලීය උෂ්ණත්වය 1.5°C සීමාව තුළ පවත්වා ගැනීමේ ආවශ්‍යතාවය අවධාරණය කරන ලදී.
  • කෙටි කාලීන උණුසුම වැඩි කරන Methane සහ Black Carbon වැනි වායු අඩු කිරීමට 2030 වන විට 45% ක අඩු කිරීමේ අරමුණක් ගෙන ආවේය.
  • තක්සේරු විග්‍රහය සහ ශක්ති උත්පාදන ගෝලීය තත්ත්ව විග්‍රහයෙන් පෙන්වූවේ 2030 වනවිට පුනර්ජනනීය ශක්ති ධාරිතාව තුන්ගුණ කිරීමේ අවශ්‍යතාවයයි.
  • පළමු වරට, කෘෂිකර්ම සහ ආහාර පද්ධතිවල තිරසාරතාවයට වැදගත්කමක් දැක්වූ අතර, දේශගුණික උපයෝගීතාවය පිළිබඳ අවධානය යොමු කරන ලදී.
  • Methane අඩු කිරීම සඳහා $1 බිලියනක අරමුදලක් ප්‍රකාශයට පත්කොට, නව තාක්ෂණික විසඳුම් සහ ආයෝජන මාර්ගයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේය.

COP28 සමුළුව, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ගෝලීය රටවල්, සංවිධාන, සහ විශේෂඥයන් එකමුතු කිරීමට මහා වැදගත් වේ. Methane සහ Black Carbon වැනි වායු අඩු කිරීම, ජල කළමනාකරණය, හා පුනර්ජනනීය ශක්ති භාවිතය වැනි ආරක්ෂිත උපායමාර්ග පාර්ශවයන් අතර එකඟතාවයක් ගෙන ඒමට මෙම සමුළුව තුළ පියවර ගෙන ඇත. ගෝලීය තත්ත්ව විග්‍රහය සහ අලාභ හා හානි අරමුදල් ආරම්භය වැනි මූලික වගන්ති, දේශගුණික අර්බුදයට සාධාරණ සහාය සැලසීමේ අවශ්‍යතාවය පෙන්වයි.

මංජුලා දිසානායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required