/
/
title icon
පොල් ගැසීමේ අඩුවක් - පහනුත් දැල්වීම අඩුවෙයි
පොල් ගැසීමේ අඩුවක් - පහනුත් දැල්වීම අඩුවෙයි
Editor
2 months ago
Share:
පොල් ගැසීමේ අඩුවක් - පහනුත් දැල්වීම අඩුවෙයි

කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වනවා.

කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක කරන්නේ නැහැ.

විවිධ අරමුණු ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙලෙස පොල් ගැසීම සිදුකළත්, පවතින පොල් මිල ගණන් යටතේ එය මේ වනවිට පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. 

මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ත්, 180ත් අතර මිලකට අලෙවි වනවා.

පොල් හිඟය හේතුවෙන් මේ වනවිට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇති අතර, ආගමික ස්ථානවල පහන් දැල්වීම ද අවම වී ඇතැයි වාර්තා වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required