
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත්‍රයා වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර උතුර - ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී ඇති බව සඳහන්.
පහරදීමෙන් තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පානදුර උතුර පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.