/
/
title icon
ජනපතිගෙන් සහල්මෝල් හිමියන්ට රතු එලි
ජනපතිගෙන් සහල්මෝල් හිමියන්ට රතු එලි
Editor
2 months ago
Share:
ජනපතිගෙන් සහල්මෝල් හිමියන්ට රතු එලි

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් අලෙවි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන්  සමඟ  ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදීයි.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන් පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබාදීම සිදු කරනු ලබන්නේද ගොවි ජනතාවට බව කියා සිටියා.

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයින්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ  ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසුවා. 

ඒ අනුව සහල්වල ගාස්තුව මෙලෙස නියම කර තිබෙනවා. 

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි. 
 

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල්  215යි . සිල්ලර මිල 220යි.

ආනයනික  නාඩු සහල් කිලෝවක සිල්ලර මිල  රුපියල්  මිල 220 යි
 

සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල්  240යි.  
 

කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල්  255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී  සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ   ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required