
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහා ලබා දීමට රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබා දී තිබෙනවා.
මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති අතර එහි දී මෙරට බලධාරීන් වෙත ඒවා භාරදීම සිදුව ඇති බව ද සඳහන් වනවා.
එම ආධාර තොගය පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිතයි.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ උතුරු පළාතේ ජනතාව සඳහා ඉන්දීය රජය විසින් ද සහනාධාර තොගයක් ලබා දී තිබෙනවා.
පේසාලේ, වෙල්ලන්කුලම්, තුනුක්කායි හා මාන්තෙයි යන ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 2100ක් සඳහා එම සහනාධාර බෙදාහැරීම ඊයේ දිනයේ සිදු කර තිබුණා.