
රජය ලබාදුන් අවසරයෙන් පසුව ආනයනික සහල් තොග ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් පරිදි ආනයනකරුවන් කිහිපදෙනෙකු මේ වනවිටත් සහල් තොග ඇනවුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් අදාළ සහල් තොග ඇණවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව සඳහන්.
මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට ඍජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදුන් නියෝගවලට අනුව පාලන මිල යටතේ වෙළෙඳසැල් වෙත සහල් තොග ලැබෙමින් පවතින බවයි දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලින් වාර්තා වන්නේ.