/
/
title icon
ඩැමැස්කස් අගනුවර කැරලිකරුවන් අතට - ජනපති රටින් පළායයි
ඩැමැස්කස් අගනුවර කැරලිකරුවන් අතට - ජනපති රටින් පළායයි
Presila Sandaruwani
2 months ago
Share:
ඩැමැස්කස් අගනුවර කැරලිකරුවන් අතට - ජනපති රටින් පළායයි

සිරියානු කැරලිකරුවන් ඊයේ දින ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරය ද සිය පාලනයට නතු කර ගෙන තිබෙනවා.

අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇත්තේ මේ හේතුව මතයි.

වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බව විශේෂඥයින් මත පළ කරනවා.

එමෙන් ම අසාද් පාර්ශ්වකරුවන් ද අගනුවරින් පළායාමට උත්සාහ කරමින් සිටින බව සඳහන් වනවා.

සිරියාවේ වඩාත් කුප්‍රකට රැඳිවියන් රඳවා ඇති ඩැමැස්කස් බන්ධනාගාරයට කඩාවැදුණු කැරලිකරුවන් එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමටත් පියවර ගෙන තිබුණා.

සිරියාවට සහාය දැක් වූ හිස්බුල්ලා සංවිධානයත් පසුබැස ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required