/
/
title icon
පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසම නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි
පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසම නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි
Editor
2 months ago
Share:
පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසම නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය  පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා. 

නීතිපතිවරයාට ලිපියක් යොමු කරමින් මෙලෙස කොමිසම උපදෙස් ඉල්ලා ඇති බව සඳහන්. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව  නීතිමය බාධා පවතී නම් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම මෙහි අරමුණ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියා. 

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව මීට පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇත්නම් එය කඩිනමින් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන්  ලිඛිතව ඉල්ලීමක්ද කර තිබෙනවා. 

පැරණි නාමයෝජනා ලැයිස්තුව අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සම්මත  කරගත යුතු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required