2024 වසරේ ලෝකය පුරා වැඩි වශයෙන් භාවිත වන දුරස්ථ වැඩ කිරීම (remote work) ප්‍රවණතාවය, ව්‍යාපාරික ක්ෂේත්රයේ දැඩි විපර්යාසයක් ඇති කරමින් පවති.දුරස්ථ වැඩ කිරීම (Remote Work) යනු කාර්යාලයකට පැමිණීමකින් තොරව තමා සිටින ස්ථානයේ සිටම වැඩ කිරීමේ ක්‍රමයක් වේ. වත්මන් තාක්ෂණය හා ඉන්ටර්නෙට් පහසුකම් නිසා, මෙම ක්‍රමය ලොවපුරා ජනප්‍රිය වී තිබේ.මෙම ක්‍රමය වත්මන් තාක්ෂණය, ඉන්ටර්නෙට් පහසුකම් සහ සජීවී සම්බන්ධතා මෘදුකාංග (Zoom, Teams, Slack වැනි) මඟින් මාර්ගගතව ක්‍රියාත්මක වේ.
COVID-19 මතුකරන ලද නිසාවෙන් වර්ධනයවූ දුරස්ථ වැඩ කිරීම සාමාන්‍ය ක්‍රමයක් වී ඇත. එය ලෝකය පුරා සාර්ථකව ක්‍රියාත්මක වන නව ක්‍රමවේදයක් ලෙස ප්‍රතිසංස්කරණය විය. ප්‍රධාන හේතුව වන්නේ , තාක්ෂණික දේපළ සහ අන්තර්ජාලය තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සම්බන්ධවී කටයුතු කිරීමට ඇති පහසුවයි. දුරස්ථ වැඩ කිරීම කාර්ය මණ්ඩල කළමනාකරණයට අලුත් අවස්ථා හා අභියෝග හඳුන්වා දෙයි. සාර්ථකව දුරස්ථ වැඩ කිරීම සඳහා, කාර්ය මණ්ඩලය සමඟ නව සහයෝගීතා මාර්ගයක් හෝ පද්ධතියක් අවශ්‍ය වී තිබේ. තාක්ෂණික ප්රවණතා සහ සමාජ මාධ්‍ය භාවිතය, කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සන්නිවේදනය සහ සාකච්ඡා කළමනාකරණයට උපකාරි වන නව මෙවලම් පිලිබදව වැඩි අවදානයකට ලක් විය. එසේම පාරිභෝගික කටයුතු මෙලෙස දුරස්ථ ක්රමවලදී ආර්ථික ප්‍රතිඵල වැඩි වශයෙන් ලබා දෙයි.
1. කාලය හා වියදම ඉතිරි කිරීම - කාර්යාලයට ගමන් කිරීමේ , වාහන ඉන්ධන, රියදුරන්ට ගෙවීම් වැනි වියදම් අඩු වේ. දිනකට ගමන් කරන කාලය ඉතිරි කර, වැඩටම කාලය උපයෝගී කරගත හැක.
2. ආරක්ෂිත හා සෞඛ්යාරක්ෂිත වාසිය- හදිසි අවස්ථා (COVID-19 වැනි වසංගත) හේතුවෙන් සෞඛ්‍යය රැකීම සඳහා කාර්යාලයෙන් ඉවතී සිට වැඩ කිරීමට හැකි වේ.පෞද්ගලික පරිසරයක වැඩ කිරීම නිසා වැඩි ,මානසික සහනය හා ආරක්ෂාවක් ලැබේ.
3. කාර්යක්ෂමතාව වැඩිවීම -නිවසේ සිට වැඩ කිරීමේ නිදහස සහ පෞද්ගලික අවකාශය වැඩිවීම නිසා වැඩි කාර්යක්ෂමතාවක් ඇතිවේ. වැඩ කරන වේලාවන් වඩාත් යෝග්‍ය ලෙස සකස් කළ හැක.
4. ගෝලීය අවකාශය- ලොව ඕනෑම ස්ථානයක සිට විශාල සමාගම් සඳහා වැඩ කළ හැක. භූගෝලීය සීමාවන් අධික කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් පහසු වේ.
5. පවුල් ජීවිතය සමඟ සංතෘප්තිය- වැඩ කාලය නිවසේ ආරක්ෂිත පරිසරය තුළ ගත කිරීමෙන් පවුලේ සාමාජිකයන් සමඟ වැඩි කාලයක් ගත කළ හැක. පවුලේ අවශ්‍යතා හා ව්‍යවසායක කාර්යයන් අතර සාමතුලිතතාවක් ගොඩනැගිය හැක.
6. පරිසර හිතකාමී වාසිය - වාහන භාවිතය අඩුකිරීම මඟින් කාබන් හරිතාගාර වාතය මුදාහැරීම අඩු වේ. විදුලිබලය, ජලය වැනි සම්පත් පරිභෝජනය සීමා කෙරේ.
7. සමාගම් සඳහා ආර්ථික වාසිය- කාර්යාල ආරක්ෂණ, ආහාර සැපයීම, වාහන නවත්වන පහසුකම් වැනි වියදම් අඩු කර ගත හැක. කාර්ය මණ්ඩල සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා මෘදුකාංග මත රඳා සිටිය හැක.
2024 වසරේ දුරස්ථ වැඩ කිරීම (remote work) ක්‍රමය, තාක්ෂණයේ දියුණු වීමත් සමඟ, ව්‍යාපාරික ක්ෂේත්රයේ විශාල ප්රතිසංස්කරණයක් සහ අලුත් අවස්ථා ඉතා සාර්ථකව ගෙන ආවේය. වඩාත්ම වැදගත් වනුයේ, මෙම වැඩ කිරීමේ ක්‍රමය සේවා කාර්ය මණ්ඩලයට පහසුව හා සාමූහික සේවා ඉහළ නැංවීම තුළ, කාර්ය මණ්ඩල කළමනාකරණයට අලුත් අභියෝග සහ අවස්ථා ලබා දීමයි.කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සම්බන්ධතා අඩුවීම සහ නිවසේ සිට වැඩ කිරීමේදී පෞරුෂික ගැටලු මතු වීම, ප්‍රධාන වශයෙන් මෙවලම්, තාක්ෂණ සහ සමාජ මාධ්‍ය තුළ ඇති වෙලඳනාමයෙන් සහ සන්නිවේදනයේ කාර්ය සාධනෙහි පාලනය අඩු කිරීම මඟින් ව්‍යාපාරක ක්ෂේත්රයේ බලපෑම් මතු කරයි.
2024 වසරේදී, දුරස්ථ වැඩ කිරීම ව්‍යාපාරික ක්ෂේත්රයේ දැක්වූ ප්‍රවණතාවක් වන අතර, තාක්ෂණයේ නවීනීකරණය සහ සමාජ මාධ්‍යයේ වැඩි භාවිතය මඟින් මෙය බොහෝ ආයෝජන හා කාර්ය මණ්ඩලයන්ට සුවිශේෂී අවස්ථා සලසා ඇත. ව්‍යාපාරිකව, කාර්ය මණ්ඩලයන් වැඩ කරන ස්ථානයේ අධික පාලනයක් නැතිවීම, අලුත් තාක්ෂණික මෙවලම් භාවිත කිරීම, සහ ඔවුන්ගේ කාර්ය සාධන මනෝභාවයේ ගැටළු දියුණු කිරීම, දුරස්ථ වැඩ කිරීමේ ප්‍රධාන වාසියන් වේ. 2024 වසරේදී, දුරස්ථ වැඩ කිරීමෙහි කාර්ය මණ්ඩල සහ කළමනාකරු අතර සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යාම සහ කාර්ය මණ්ඩලයන්ගේ කාර්ය සාධනය අධික ලෙස පාලනය කිරීම මඟින් විශාල ප්‍රතිඵල ලැබෙනවා.
දුරස්ථ වැඩ කිරීමේ ක්‍රමය මඟින් කාර්ය මණ්ඩල කළමනාකරණයේ අලුත් අභියෝග සහ අවස්ථා පැමිණේ . සමහර වෙලාවට ඉන්ටර්නෙට් සම්බන්ධතා අඩු මට්ටමක වේ. කාර්ය මණ්ඩල අතර සජීවී සම්බන්ධතා අඩු වීම නිසා සම්බන්ධතා ගැටලු ඇතිවිය හැක.එසේම විනය හා කාර්ය මට්ටමේ පාලනය යම් පුද්ගලයින්ට නිවසේ සිට වැඩ කිරීමේදී විනය රැකීමට අපහසු විය හැක. කළමනාකරණයට මෘදුකාංග මත වැඩි ආශ්‍රය පවතී. දිගු කාලයක් තනිව වැඩ කිරීම නිසා මනෝවිශ්රාමය අඩු විය හැක. සමහර අය සඳහා කාර්යාල ආරක්ෂාව හා සමාජ සම්බන්ධතාවය අහිමි වේ. දුරස්ථ සේවා මඟින් තොරතුරු ආරක්ෂාවට හෝ සීක්රට් තොරතුරු සොරකම් වීමට හැකියාව ඇත.
කාර්ය මණ්ඩල කළමනාකාරයන්ට, සමාජීය සම්බන්ධතා තහවුරු කිරීම, කාර්ය සාධන පාලනය, සහ කුසලතා සංවර්ධනය සඳහා නව ක්‍රමවේදයන් හා ඉලක්කයන් සකස් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නා වූයේය. මෙම ක්‍රමය තුළ, සෘජු සම්බන්ධතා අඩුවීම සහ කාර්ය සාධනය වැඩි කර ගැනීම සඳහා තාක්ෂණික සහ මනෝභාවික පද්ධති අවශ්‍ය වේ.
නමුත්, මෙවැනි වැඩ කිරීමේදී, සමාජීය සම්බන්ධතා අඩුවීම, කාර්ය සාධන මනෝභාවය හා කුසලතා සංවර්ධනය සඳහා නව ක්‍රමවේදයන් අවශ්‍ය වේ. වැඩි කාර්ය සාධනය සහ හොඳ මනෝභාවයක් පවත්වා ගැනීම සඳහා තාක්ෂණික උපකරණ භාවිතා කිරීම, කාර්ය මණ්ඩලයේ කාර්ය සාධන මත ප්‍රධාන බලපෑම් ඇති කරයි. 2024 වසරේ දුරස්ථ වැඩ කිරීමේ ක්‍රමය, කාර්ය මණ්ඩලයන් සහ කළමනාකාරයන් අතර නව සම්බන්ධතා සහ පවත්වා ගැනීමට අවශ්‍ය ඉතා ඉහල පහසුකමක් සපයයි.
මංජුලා දිසානායක.