/
/
title icon
ගෝලීය සංවර්ධනය හා සංවර්ධන අර්බුද
ගෝලීය සංවර්ධනය හා සංවර්ධන අර්බුද
Manjula Disanayaka
2 weeks ago
Share:
ගෝලීය සංවර්ධනය හා සංවර්ධන අර්බුද

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකය සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන්නට විය. ක්‍රම ක්‍රමයෙන් සීමාවකින් තොරව මිනිසුන් සංවර්ධනයට නැඹුරු විය.ඒ හේතුවෙන් තම සංවර්ධන අරමුණු සහ ඉලක්ක සාර්ථක කර ගැනීම පමණක් අරමුණු වූ අතර සංවර්ධනය තුළින් ඇති වන්නා වූ ව්‍යසනකාරී තත්ත්වයන් කුමන ආකාරයකින් බලපාන්නේද යන්න සැලකිල්ලක් නොදැක්වීය.මේ නිසා මේ ලෝකය පුරා විවිධාකාර අර්බුද නිර්මාණය වූ අතර එම අර්බුද රටකට හෝ රාජ්‍යයට පමණක් සීමා නොවූ අතර විටෙක සෘජුවම ද තවත් විටෙක වක්‍රව ද සමස්ත ලෝකයට ම බලපෑම් කළ හැකි අර්බුද නිර්මාණය වීම ආරම්භ විය. පසුකාලීනව මෙම අර්බුද අවම කර ගැනීම සඳහා අවධානය යොමු වූ අතර තිරසාර සංවර්ධනයක් සමස්ත ලෝකයටම අවශ්‍ය විය.ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධනය විසින් තිරසාර සංවර්ධන සංකල්පය ලෝකයට හඳුන්වා දුන් අතර ඒ තුල අන්තරගත වූ අභිමතාර්ථ හා අරමුණු තුලින් වර්තමානයේ ඇති වී තිබෙන ගෝලීය සංවර්ධන අර්බුද විසදීමට අවශ්‍ය කටයුතු කෙරිනි. 

2. ගෝලීය සංවර්ධනය හා සංවර්ධන අර්බුද හැදින්වීම.

සංවර්ධනය යන වචනයට යම් ප්‍රමාණයකින් සමීපත්වයක් සහිත වර්ධනය ප්‍රගතිය, දියුණුව යනාදී වචන වලින් කියවෙන අදහස් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ විද්වත් කතිකාවතකට ලක් වී තිබේ. ඉතාමත් විවාද සම්පන්න න්‍යායාත්මක කතිකාවතක් දෙසට සංවර්ධන සංකල්පය අවධානයට ලක්වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුවයි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව කඩා වැටී තිබූ රටවල් නැවත ගොඩ නැගීම සඳහා බටහිර බලවතුන් මුහුණ දුන් ප්‍රබලතම අභියෝගය විය. මේ හේතුවෙන් ඇමරිකාව මුලිකත්වය ගෙන ලෝකයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා මුලික පසුබිම නිර්මාණය කිරීම ආරම්භ කළහ . ඒ අනුව සංවර්ධනය යනු කුමක්දැයි අර්ථ ගැන්වීමේ දී

" සංවර්ධනය යනු ආර්ථික දේශපාලන හා මානව යන අංශයන්ගෙන් දියුණු වීම හා දරිද්‍රතාවය අවම වීමත් සමඟ තිරසාර දියුණුව ඇති කිරීම සංවර්ධනයයි."

-එක්සත් ජාතීන්ගේ සංවර්ධන වාර්තාව 2000-

 

මේ ආකාරයට ගෝලීය සංවර්ධනය ආරම්භ වී විකාශනය වූ අතර මුල්කාලීනව ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කරා ගමන් කර ඇත.

සංවර්ධනය ප්‍රදේශයකට රටකට හෝ දේශ සීමාවකට සීමා නොවන අතර එය ගෝලීයව සංවර්ධනය වීමේ දී සමස්ත දේශීය සහ ජාත්‍යන්තර යන අංශ සියල්ලම සම්බන්ධ වේ.මෙම ගෝලීය සංවර්ධනය අධ්‍යනය කිරීම තුළින් සංවර්ධනය හේතු කොටගෙන සමාජයට බලපාන පාරිභෝජනය ක්‍රියා වලින්, දේශපාලනය, ආර්ථික විද්‍යාව සහ සංවර්ධන ක්‍රියාවලින් අවබෝධ කර ගැනීමට අවකාශය නිර්මාණය වේ.

සංවර්ධන අර්බුද යනු මොනවාද

සංවර්ධනය තුළ දී ඇති වන ප්‍රතිඵල ධ්‍යාත්මක මෙන්ම ඍණාත්මකවද ඇතිවන අතර ඒ තුළින් ගෝලීය අර්බුද නිර්මාණය කිරීම සඳහා ඇති හැකියාව බොහෝ දුරට පුළුල් වේ.මේ නිසාවෙන් සංවර්ධනයෙන් ඇතිවන බලපෑම් සහ අර්බුද පිළිබඳව ඉතාමත් අවබෝධයකින් සිටිය යුතු අතර එසේ

නොවුණහොත් මෙම අර්බුද කුමන ආකාරයකින් ලෝකය හා සම්බන්ධ වේ ද යන්න නිශ්චිතවම කිව නොහැකිය .ඒ අනුව අර්බුදයක් ලෙස හඳුන්වනු ලබන්නේ " ඉතාමත් බරපතළ ගැටලු එකක් හෝ වැඩි ගණනක් නිසාවෙන් යම් දෙයක් හෝ යමෙකු පීඩාවට පත් වීම සහ පත් කිරීම”

මේ ආකාරයට අර්බුදයක් යනු කුමක්දැයි සරලව අර්ථකථනය කළ හැකි ය. එමෙන්ම මෙම අර්බුද සමස්ත ලෝකයටම ලෝකයටම බලපානු ලබන්නේ නම් එය ගෝලීය අර්බුදයක් දක්වා වර්ධනය වේ.ඒ අනුව ගෝලීය අර්බුදයක් ලෙස හඳුන්වනු ලබන්නේ,

"මිනිසාට හා භෞතික පරිසරයට සෘජු හෝ වක්‍ර වශයෙන් විවිධ සාධකයන් මත පදනම්ව භෞතිකව හෝ මායාව ක්‍රියා හේතුවෙන් ඇතිවන දුෂ්කර අස්ථායි තත්වයකි"

වර්තමානයේදී ගෝලීය ගැටලු ලෙස අවධානයට යොමුවන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය තුළ ඇති වූ ශීඝ්‍ර තාක්ෂණික, දේශපාලනික, පාරිසරික, සමාජීය ආදී වූ අංශයන් හේතුවෙන් මතු වූ ගැටලු තුළින් බිහි වූ අර්බුද  විජිතකරණයෙන් නිදහස ලැබූ රටවල් නිදහස ලබා ගත්ත ද එම රටවල් විශාල වශයෙන් ආර්ථික, සමාජයීය, දේශපාලනික, පාරිසරික ආදි වූ අංශයන්ගෙන් ඉතාමත් කඩා වැටීමකට ලක් වී තිබිණි. ඊට හේතුව වන්නේ යටත් විජිත පාලනය නිසාවෙන් එපි රටවල් වල පැවැති සම්පත් ආදිය පුරාකැපිකට ලක් වීම නිසාවෙන් එම රටවල් වලට සංවර්ධනය වීම සඳහා අවශ්‍ය මූලික අවස්ථාවන් සියල්ල අහිමි වීම නිසාවෙනි.මෙම ගෝලීය අර්බුද ප්‍රධාන වශයෙන් සංසිද්ධි සදෙකක් තුළ නිර්මාණය වන අතර, එක් සංසිද්ධියක් ලෙස

අන්තර්ජාතික මට්ටමේ හෙවත් රටවල් වල දේශපාලන මායිම් ඉක්මවා වන බලපෑම් ය.මෙම බලපෑම නිසාවෙන් එක් රටකට ලොව රටවල් විශාල ප්‍රමාණයකට බලපෑම් ඇති විය හැකිය. උදාහරණයක් ලෙස චිනයෙන් ඇරඹි කොරෝනා වසංගතය ලෝකය පුරාම ව්‍යාප්ත වීම " දැක්විය හැකිය.

අනෙක් අවස්ථාව නම් සාමාන්‍ය රටවල් වල දේශ සීමා මායිම් වලින් පිට නොයන නමුත් ඒවායේ බලපෑම ලෝකයෙහි වැඩි ජනකොටසකට සිදුවිය හැකිය. උදාහරණ ලෙස ජන වාර්ගික ගැටුම් හෝ මානව අයිතින් කඩ කිරීම මෙන්ම ජනයා අවතැන් වීම එක් රටක් තුල සිදුවිය හැකි නමුදු ඒ තුළින් ඇතිවන බලපෑමි සෙසු රටවල් වලට ද ඇතිවිය හැකිය. ලෝකය පුරා වර්තමානය වන විට ඇතිවී තිබෙන ගෝලීය අර්බුද රැසක් පවතින අතර ඒ අතරින්,

  • දරිදතාවය.
  • සාගින්න හා ආහාර අර්බුද
  • දේශගුණ විපර්යාය
  • ප්‍රස්තවාදය.
  • දුෂණ හා වංචාව
  • ගෝලීය ආර්ථික අසමානතාවය.
  • ජනගහන වර්ධනය
  • Covid-19

 

ගෝලීය අර්බුදයක් ලෙස දරිද්‍රතාවය.

 

ගෝලීය සංවර්ධන අර්බුද අතර ගෝලීය ආර්ථිකයට මුහුණ දීමට තිබෙන විශාල අර්බුදයක් ලෙස දරිද්‍රතාවය හදුනාගත හැකිය. වර්තමානය වන විට දරිද්‍රතාවය ඉතාමත් සංකීර්ණ සංකල්පයක් බවට පත් වී තිබේ. ඒ අනුව දරිද්‍රතාවය ලෙස හදුන්වනු ලබන්නේ,

අභිමතයන් හා අවස්ථාවන් අත්පත් කර ගැනීමට ඇති කර ගැනීමට ඇති නොහැකියාව හා මානව ගරුත්වය කඩ වීම ''

- එක්සත් ජාතීන්ගේ සංවිධානය -

 

'' දරිද්‍රතාවය යනු යහ පැවැත්මෙන් වියුක්ත වීමයි.''

 

-ලෝක බැංකුව -

 

මේ සියල්ල තුලින් දරිද්‍රතාවය ආර්ථික සමාජ දේශපාලනික සංස්කෘතික අධ්‍යාපන ආදී වූ ක්ෂේත්‍ර රැසක ඌනතාවයන් නිසාවෙන් ඇතිවන අර්බුදයකි. වර්තමානය වන විට ලෝකයේ විශාල පිරිසක් තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අරගල කරනු ලබයි.2015 පමණ වන විට ඇමරිකානු ඩොලර් 1.90 ට වඩා අඩිවෙන් ලබා ගන්නා පිරිස මිලියන 736 ක් පමණ වන අතර ඒ අතරින් වැඩි ප්‍රමාණයක් දකුණු ආසියාව උප සහරා අප්‍රිකාව වැනි කලාප තුල ජීවත් වන බව දක්නට ලැබේ.

2018 ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවට පහලින් පිහිටි පුද්ගලයන් ගෙන් 4/5 ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර, ලෝකයේ 80%ක් මිනිසුන්ගේ දිනක ආදායම ඩොලර් 10 ට අඩු මුදලකි. මේ ආකාරයට ගෝලීය දරිද්‍රතාවය නිර්මාණය වීම සදහා බලපාන හේතු සාධක රැසක් පවතී. ඒ අතර,

1. විරැකියාව

2. දේශගුණ තත්වය.

3. ස්භාවික සම්පත්

4. වසංගත තත්වයන්

5. ස්ත්‍රී පුරුෂ අසමානත වය

6. දුර්වල යටිතල පහසුකම්.

7. කෘෂිකාර්මික අංශයේ ගැටලු

8. මානව/ සත්ව ගැටුම්/ ත්‍රස්තවාදය.

9. රැකියා අනාරක්ෂිතතාවය/අවිධිමත් අංශයේ රැකියා.

10. සමාජ සංස්කෘතික සාධක.

 

කුසගින්න හා ආහාර අර්බුදය.

දශක ගණනාවක් තිස්සේ ගෝලීය වශයෙන් මුනුණ දී ඇති උග්‍රතම අර්බුදයක් ලෙස සාගින්න හදුන්වා දිය හැකිය.2020 වන විටත් මිලියන 720 ත් 811 ක පමණ ජනතාවටක් මෙම අර්බුදයට මුහුණ දී ඇති අතර මිලියන සංඛයාත දරුවන් මෙයට මුහුණ දිම තුල තවත් චක්‍රව ගැටලුකාරී තත්ව රැසක් මතු වෙයි.මෙම අර්බුදයෙහි ප්‍රමාණාත්මක බව සහ හේතු සාධක අවකාශීයව වෙනස් වේ. (හේතු: ගැටුම්, දේශගුණ විපර්යාස, ආර්ථික් අස්ථාවරත්වය,) එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය වසර තුලදී මිලියන 928 ක ජනතාවක් දැඩි ලෙස ආහාර අනාරක්ෂිතව සිටියහ. මෙය ගෝලීය වශයෙන් පුද්ගලයන් අටදෙනෙකුගෙන් එක් අයෙකුට සමාන වේ. ජන ගහන වර්ධනය වූ අතර 2004 දී බොහෝ ධන්‍ය සඳහා වන මිල ඉහල ගියේය. ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය කිරීමට හැකියාව නොමැති විය 2006 වන විට ලෝක ධන්‍ය නිෂ්පාදනය 2.1% කින් පහත වැටී ඇත. මෙම තත්වය කොවිඩ් 19 වසංගත තත්වය සමග තව තවත් උග්‍ර අතට හැරී තිබේ. 2021 වන විට උග්‍රතම ආහාර අර්බුදයට මුහුණ දෙන රටවල් අතර බුර්කිනා ෆාසෝ, නයිජීරියාව, දකුණු සුඩානය, යේමනය යන රටවල් ඉහලින්ම සිටී.2004 සිට 2019 දක්වා වෙනස් නොවූ මන්දපෝෂනයේ ව්‍යාප්තිය 8.4% සිට 9.9% දක්වා ඉහල ගොස් තිබේ.

ගෝලීය අර්බුදයක් ලෙස දේශගුන විපර්යාස.

වර්ථමානය වන විට සමස්ත ලෝකයම මුහුණ දී සිටින ප්‍රභල අර්බුදකාරි තත්වයක් ලෙස දේශගුණ විපර්යාස හදුනාගත හැකිය. මෙහිදී දේශගුණ විපර්යාසයක් ලෙස හදුන්වනු ලබන්නේ '' පෘථිවියේ දේශීය කලාපීය සහ ගෝලීය දේශගුණයන් වල සාමාන්‍ය කාලගුණික රටා වල දීර්ඝකාලීන වෙනස්කම්" වේ.20 වන සියවසයේ මුල් භාගයේ සිට බොහෝ විට මානව ක්‍රියා කාරකම් මෙම පෘථිවි දේශගුණය වෙනස් කිරීමට බලපා තිබේ. විශේෂයෙන් පොසිල ඉන්ධන දහනය, හරිතාගාර ආචරනය, වනාන්තර පද්ධතිය විනාශ කිරීම, නයිට්‍රස් ඔක්සයිඩ් වායුගෝලයට එකතු වීම ආදී වූ හේතු සාධක මත මෙම දේශගුණික විපර්යාස නිර්මාණයට ඉඩ සලසයි.

1985 දී ලෝක කාලගුණික සංවිධානය (WMO) හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් පෙන්වා දෙන පරිදි දේශගුන විපර්යාස සදහා ප්‍රධානම හේතුව ලෙස කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය වැඩි වීම හා ගෝලීය උෂ්ණත්වය වැඩි වීමයි.2017 වන විට මිනිසුන් පූර්ව කාර්මික මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.0 පමණ වැඩි කර ඇත. එමෙන්ම 1880 සිට මුහුදු මට්ටම අගල් 8ක් පමණ ඉහල ගොස් ඇති අතර 2100 වන විට තවත් 30- 122 CM පමණ ඉහල යනු ඇතැයි පුරෝකතනය කරයි.

ගෝලීය අර්බුදයක් ලෙස ත්‍රස්තවාදය.

 

සියවස් ගනනාවක් තිස්සේ ලෝකය තුල පවතින පාලනය කල නොහැකි අර්බුදයක් ලෙස ත්‍රස්තවාදය හඳුන්වා දිය හැකිය. මේ තුලින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට බලපායි නම් එය පගෝලීය අර්බුදයක් බවට පත් වේ.නිරන්තරයෙන්ම ත්‍රස්තවාදය දේශීය සංසිද්ධියක් නොව සමෙහි විශය පටය සහ ප්‍රවේශය අනුව ගෝලීය වේ. ජාත්‍යන්තර මට්ටමින් ත්‍රස්තවාදය ලෙස හඳුන්වනු ලබ ජනගහනයක් විය ගැන්වීමට හෝ රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බල කිරීමේ අරමුණින් කරන ලද සාපරාදී ප්‍රචන්ඩ ක්‍රියාවක් බවට හඳුන්වා දිය හැකිය. එමෙන්ම තවත් විටෙක ත්‍රස්තවාදය යනු

 "යම් නිශ්චිත දේශපාලන අරමුණක් උත්කර්ෂයට ලක් කිරීම උදෙසා පුචන්ඩත්වය යොදා ගැනීමයි."

-බ්‍රිටනිකා ශබධ කෝෂය-

 

මෙම ගෝලීය ත්‍රස්තවාදය තුලින් සිදුවන හානිය ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාවට හා සාමයට පමණක් නොව ආර්ථික, සාමාජීය,මානව පාරිසරික වශයෙන් විශාල පිරිවැයක් යන අතර මේ තුලින් ගෝලීය වශයෙන් අනාගත තිරසාරත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම ත්‍රස්තවාදය එදිනෙදා යාවත්කාලීන වන දෙයක් වන අතර ඊට හේතුව මෙහි මුහුණුවර දිනෙන් දින අලුත් වන පහෙයිනි ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳව හදුනා ගැනීමේදී ආගමික අන්තවාදයන් පදනම් කර ගනිමින් 5 වන විට ලෝකය පුරා ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙමින් පවතී.

 ත්‍රස්තයින් ඉස්ලාම අන්තවාදය පදනම් කර ගනිමින් ත්‍රස්තවාදී අරගල කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදයට ලොව පුරා සිටින බලවත් රාජ්‍යන් පවා ගොදුරු වී සිටීම තුලින් අනෙකුත් කුඩා රාජ්‍යන් සඳහා වන බලපෑම මිනුම් කල නොහැකි තත්වයක පවතින සිඩ හඳුනා ගත හැකිය. සසුගිය වසර කිහිපය තුල ඇමරිකාව, යුරෝපය ඇතුලු බලවත් කලාප වලට නොයෙක් ආකාරයේ ප්‍රස්තවාදී ප්‍රහාර එල්ල විය. ඒ නිසා ත්‍රස්තවාදී හා අන්තවාදී සංජනයන් ගෙන් මිදුනු කලාපයක් හෝ රටක් හඳුනා ගැනීම අපහසුය. ගෝලීය ප්‍රස්තවාද ගොදුරක් බවට ඔනෑම රටක්    වීමට ඉඩ තිබේ.

වර්තමානයේ අප දරිද්‍රතාවය කුසගින්න හා ආහාර හිගය ත්‍රස්තවාදය, දේශගුණ විපරියාස ආර්ථික අසමානතාවය ආදී වූ ගෝලීය අර්බුද රැසකට මුහුණ දී සිටින බවත් ඒවාට විසඳුම් සෙවීමට ගෝලීය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගත් ඉතාමත් පැහැදිලි පියවරක් ලෙස තිරසාර සංවර්ධන අභිමතාර්ථ සැලකිය හැකි බව මේ තුලින් පෙන්වා දී ඇත. එමෙන්ම වර්තමානයේ දී මෙම අර්බුද වල ස්භාවය සහ මෙම අභිමතාර්ථ තුලින් අර්බුද අවම කිරීමට ගෙන ඇති නව වැඩපිළිවෙළවල් පිලිබදව විස්තර කර ඇත.එකී සියලු ක්‍රියාමාර්ග තුලින් කොපමණ ප්‍රමාණයකට සාර්ථකත්වයට පත් වී ඇත්ද යන්න අවබෝධයක් ලබා ගත හැකිය. නමුත් යම් ප්‍රමාණයකට අසාර්ථක ස්වරූපයක් නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබේ.එය ගෝලීය වශයෙන් සියලුම ක්ෂේත්‍ර වලට බලපැ අතර එය මෙම සියලු අර්බුද වලට බලපාන ලදී. එමෙන්ම එක් එක් රටවල් වලට තනි තනිව මේ සඳහා ක්‍රියාමාර්ග ගත නොහැකි අතර සමස්ත ගෝලීය ප්‍රජාවට සම්බන්ධ විය යුතුය නමුත් ලෝකයේ ඇතැම් රටවල් වල ඇති යම් ගැටලු, අමනාපකම් ආදිය හේතුවෙන් සමස්තයක් ලෙස එක් වීමට අපහසුය. එසේම මෙම අර්බුද සම්බන්ධතාවය නිසාවෙන් එක් අර්බුදයක් මුලුමනින්ම තුරන් කිරීමට ද නොහැකිය. 

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required