/
/
title icon
ලෝක ආහාර අර්බුදය
ලෝක ආහාර අර්බුදය
Manjula Disanayaka
2 weeks ago
Share:
ලෝක ආහාර අර්බුදය

මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වාතය ජලය සහ ආහාර යන ප්‍රධානතම අවශ්‍යතාවයන් ස්වභාවධර්මය තුළින් නොලැබෙන්නට මිහිතලය ජන ශූන්‍ය කාන්තාරයක් බවට පත්වනු ඇත. එකී ස්වභාවදහම තුළින් දායාද කරන ලද ආහාරපාන තුළින් මානවයාට පෝෂණයත් සෞඛ්‍යයන් පිළිබඳව පවතින ආශිර්වාදය ලෝකයේ සිටින සියලුම ජීවීන්ට ලැබීමට සුදුසු වාතාවරණයක් ස්වභාවදහම තුළින්ම නිර්මාණය කර දී ඇත .නමුත් ලෝකය දෙස ඉතාමත් පර්යේෂණාත්මක අයුරින් බැලුවහොත් ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ අසමානතාවන් දක්නට ලැබේ. මෙහිදී ලෝකයේ එක් පිරිසකට ආහාර අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ලැබෙන අතර තවත් පිරිසකට දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණයෙන් අඩක් හෝ නොලැබෙන බව හඳුනාගත හැකිය. මේ තුළින් ලෝකය තුළ යම් ආහාර අර්බුදයක් පවතින බව පැහැදිලිය. මේ ආකාරයට ලෝකය තුළ ආහාර අර්බුදයක් ඇති වීම සඳහා විවිධාකාර හේතු සාධක රැසක් බලපා ඇති අතර විටෙක ස්වභාවික සාධක මෙන්ම මානව සාධක ද ඒ අතරට අයත් වේ. එම හේතු අතරින් මානව හේතු සාධක අතරින් ඍජුව බලපානු ලබන හේතු දෙකක් වන ජෛව ඉන්ධන භාවිතය සහ බහුජාතික සමාගම් වල ක්‍රියාකාරීත්වය තුළින් නිර්මාණය වූ ලෝකයේ ආහාර අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක් මේ තුළ අන්තර්ගතව ඇත.

මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වාතය ජලය සහ ආහාර යන ප්‍රධානතම අවශ්‍යතාවයන් ස්වභාවධර්මය තුළින් නොලැබෙන්නට මිහිතලය ජන ශූන්‍ය කාන්තාරයක් බවට පත්වනු ඇත. එකී ස්වභාවදහම තුළින් දායාද කරන ලද ආහාරපාන තුළින් මානවයාට පෝෂණයත් සෞඛ්‍යයන් පිළිබඳව පවතින ආශිර්වාදය ලෝකයේ සිටින සියලුම ජීවීන්ට ලැබීමට සුදුසු වාතාවරණයක් ස්වභාවදහම තුළින්ම නිර්මාණය කර දී ඇත .නමුත් ලෝකය දෙස ඉතාමත් පර්යේෂණාත්මක අයුරින් බැලුවහොත් ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ අසමානතාවන් දක්නට ලැබේ. මෙහිදී ලෝකයේ එක් පිරිසකට ආහාර අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ලැබෙන අතර තවත් පිරිසකට දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණයෙන් අඩක් හෝ නොලැබෙන බව හඳුනාගත හැකිය. මේ තුළින් ලෝකය තුළ යම් ආහාර අර්බුදයක් පවතින බව පැහැදිලිය. මේ ආකාරයට ලෝකය තුළ ආහාර අර්බුදයක් ඇති වීම සඳහා විවිධාකාර හේතු සාධක රැසක් බලපා ඇති අතර විටෙක ස්වභාවික සාධක මෙන්ම මානව සාධක ද ඒ අතරට අයත් වේ. එම හේතු අතරින් මානව හේතු සාධක අතරින් ඍජුව බලපානු ලබන හේතු දෙකක් වන ජෛව ඉන්ධන භාවිතය සහ බහුජාතික සමාගම් වල ක්‍රියාකාරීත්වය තුළින් නිර්මාණය වූ ලෝකයේ ආහාර අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක් මේ තුළ අන්තර්ගතව ඇත.

ලෝක ආහාර අර්බුදය සඳහා බලපාන ලද හේතු

මෙම ආහාර අර්බුදය ඇති වන්නේ දේශීය ජාතික හෝ ගෝලීය මට්ටමෙන් කුසගින්න සහ මන්දපෝෂණය තියුනු ලෙස ඉහල යන විට ය.2020 වන විට අවම වශයෙන් මිලියන 155 ක ජනතාවක් ආහාර අර්බුදයේ තර්ජනයට මුහුණ දී ඇත.බොහෝ විට මෙම ආහාර අර්බුදය ඇති වන්නේ ලෝකයේ එකවර තර්ජන කිහිපයකින් පීඩාවට පත්වනු රටවල් වලය.මේ සඳහා බලපානු ලබන එක් හේතුවක් කිව නොහැකි අතර මේ සඳහා බලපානු ලබන සෘජු සහ වක්‍ර හේතු සාධක රාශියක් පවතී. ඒවා එකිනෙකට සම්බන්ධ වී ඇති නිසාවෙන් ගෝලීය ආහාර අර්බුදය අවම කිරීමේ දී යම් තරමක ගැටලුකාරී තත්ත්වයක් මතු වේ. ඒ අනුව ගෝලීය ආහාර අර්බුදය සඳහා බලපා ඇති හේතු අතර

1. ලෝකයේ ජෛව ඉන්ධන භාවිතය වර්ධනය වීම.

2. බහුජාතික සමාගම්වල ක්‍රියාකාරිත්වය.

3. යුද්ධ සහ ගැටුම්

4. අස්ථායි වෙළෙඳ පොළ

5. දේශගුණ විපර්යාස

6. රැකියා අස්ථාවරත්වය

7. ආහාර අපතේ යාම සහ ආහාර හිගය

8. දුර්වල යටිතල පහසුකම්

9. දරිද්‍රතාවය

10. ආහාර සුරක්ෂිතතාවයකින් තොර වීම

ප්‍රධාන වශයෙන්ම මෙම හේතු සාධක හඳුනාගත හැකි අතර මේවා එක් එක් රටවල් වලට බලපාන ආකාරය විවිධ වේ. නමුත් මෙම හේතු සාධක නිසාවෙන් ආහාර අර්බුදය වර්තමානය වන විට ගෝලීය අර්බුදයක් වී අවසන් ය.

ගෙවුනු වසර පහක් පුරා ලෝකයේ මන්දපෝශනය වර්ධනය නොවී එක් මට්ටමක පැවති නමුත් ඒ තත්වය 2019 කොවිඩ් තත්වයත් සමග වෙනස් විය. පසුගිය වසර තුල මන්දපෝශනයට ලක් වූ ලෝක ජනගහනය මිලියන 118 සිට මිලියන 768 දක්වා ඉහල ගොස් ඇත එය ලෝක ජනගහනයෙන් 10%කි, (ලෝක සෞඛ්‍ය සංවිධනය) මෙවන් තත්වයකට මග පෑදීම එක්වර සිදු වූවක් නොවන අතර ඒ සදහා ඉහත කී හේතු සාදක රැසක් බලපා තිබේ.

ජෛව ඉන්ධන භාවිතය

කාර්මීකරණයත් සමඟ නිර්මාණය වූ යන්ත්‍රෝපකරණ සහ ඒ ආශ්‍රිත යෙදුම් හේතුවෙන් ලෝකයට අවශ්‍ය වූ බල ශක්ති අවශ්‍යතාවය කිහිප ගුණයකින් වැඩි වූ බව හඳුනාගත හැකිය. මෙහිදී ලෝකයට වර්තමානය වන විට වැඩි වන බල ශක්ති අවශ්‍යතාවය සමග විශාල සටනක් කිරීමට සිදු වී තිබේ.ලෝකය තුළ පවතින බලශක්තිය පිළිබඳව හඳුනා ගැනීමේදී පුර්නජනනීය බලශක්තිය විශේෂ වෙයි. ඒ අනුව සූර්ය ශක්තිය, සුළං, භූතාප, හයිඩ්‍රොලික්, ජෛව ස්කන්ධ ආදිය තුළින් නිපදවා ගන්නා බල ශක්තිය පිළිබඳව ලෝකයාගේ අවධානය යොමුවීමත් සමග යම් යම් වාසිදායක තත්වයන් මෙන්ම අවාසිදායක තත්වයන් ඇති විය.

මෙහිදී ජෛව ඉන්ධන පිළිබඳව හඳුනා ගැනීමේදී පුර්නජනනීය බල ශක්ති නිෂ්පාදනයක් ලෙස ලෝකය තුළ වේගයෙන් ප්‍රචලිත විය.මෙම ජෛව ඉන්ධන ලෙස හදුන්වනු ලබන්නේ ශාක වල ජෛව ස්කන්ධයන්ගෙන් ලබාගන්නා බල ශක්තිය යි.මෙහි වාසිදායක තත්වය වන්නේ ජෛව ස්කන්ධයන් මගින් බලශක්ති නිෂ්පාදනය කිරීමට වසර මිලියන ගණනක් ගත නොවන අතර ඒ සඳහා ඉතාමත් කෙටි කාලයක් වැය වීමයි .මෙම ජෛව ඉන්ධන ශාක ද්‍රව්‍ය හෝ ජෛව ස්කන්ධයන් තුළින් ලබාගන්නා බල ශක්තිය ගෑස් හෝ ද්‍රව ඉන්ධන ආකාරයෙන් ජෛව ඉන්ධන නිපදවීමට භාවිතා කරයි නමුත් අවාසනාවකට මෙන් ජෛව ඉන්ධන භාවිතය වර්ධනයත් සමගම ලෝකය තුළ ආහාර අර්බුදයක් ඇති විය.ආකාරයට මානවයන්ට අවශ්‍ය ආහාර ලෙස යොදා ගනු ලබන ආහාර මගින් නිෂ්පාදනය කරනු ලබන එතනෝල් නිෂ්පාදනය හා භාවිතය ලෝකය පුරා සීග්‍රයෙන් වර්ධනය වී ඇත. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ජනතාව විශාල වශයෙන් ආහාරයට ගන්නා බෝග වර්ග ලෙස එතනෝල් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන ආහාර බෝග හඳුනා ගත හැක.

මේ හේතුවෙන් ඇති වූ ප්‍රධානම බලපෑම වන්නේ ලෝකය තුළ මෙම පිෂ්ටය සහිත ආහාර බෝග ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන ආයතන විසින් මිලට ගැනීමයි. බොහෝ විට ආහාර උදෙසා ගොවි නිෂ්පාදනය කරනු ලැබූ මෙම ආහාර බෝග වැඩි මිලට නිෂ්පාදන ආයතන මිලදී ගැනීමත් සමඟ ගොවීන් දිගින් දිගටම තම ගොවිතැන ආහාර අවශ්‍යතාවය අරමුණු කරගෙන වෙනුවට ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන ආයතන උදෙසා අලෙවි කිරීමේ අරමුණින් වගා කරන්නට විය. මේ හේතුවෙන් ආහාර උදෙසා ගොවීන්ගෙන් ආහාර බෝග මිලදී මිලදී ගන්නා පුද්ගලයන්ගේ සහ ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා ගොවීන්ගේ ආහාර බෝග මිලදී ගන්නා ආයතන අතර මෙම බෝග වල මිල පිළිබඳව යම් ගැටීමක් ඇති විය. නමුත් මෙම ආයතන වල ඉහළ ආර්ථික මට්ටම සහ ඒවයේ ස්ථාවර බව හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය බෝග වර්ග ඉතා ඉහල මිලකට ගොවීන්ගෙන් මිලදී ගනු ලැබිණි.ආහාර සඳහා මෙම බෝග මිලදී ගැනීමේදී වුවද ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන සමාගම් මිලදී ගත් මිලට සාපේක්ෂ මිලක් ගෙවීමට සිදුවිය .මෙහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම ආහාර වල මිල වේගයෙන් ඉහළ යන්නට විය .මෙහි ප්‍රතිඵලය වූයේ මෙම ආහාර බෝග වලින් යැපෙන රටවල් උදෙසා අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය ලබා ගැනීම සඳහා ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමයි. ඔවුන්ට ඔවුන්ගේ ආර්ථික ශක්තිය අනුව දුප්පත් රටවල් වලට මෙම මිල දරා ගැනීම යම් තරමකට අපහසු තත්වයක් විය. ධන්‍ය මත යැපෙමින් ජීවිකාව සපයා ගනු ලබන රටවල් වලට මෙම ගැටළුව ප්‍රබල වශයෙන් බලපානු ලැබිණි.

බහුජාතික සමාගම් හේතුවෙන් නිර්මාණය වන ආහාර අර්බුදය

රාජ්‍ය නොවන සංවිධන අතරින් ප්‍රධානතම සංවිධාන බහුජාතික සමාගමය.අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන වශයෙන් දේශපාලන නොවන පුද්ගල ප්‍රධානත්වයෙන් ගොඩනැගී ඇත. බහුජාතික සමාගම් ලෙසින් හදුන්වනු ලබන්නේ එක් රටක් මූලස්ථානය කර ගොඩනගාගෙන ඇති රටවල් කිහිපයක් තුල පැතිරුනු නිශ්පාදන ව්‍යාපෘතීන් සහිත සහ එම නිශ්පාදන හා වෙළදාම ප්‍රධාන මූලස්ථානය මගින් පාලනය කරන මහා පරිමාන අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන වේ. උදාහරනයක් ලෙස නෙස් කැෆේ කෝපි සමාගම ස්විට්සර්ලන්තයේ උපත ලැබුවද ඇමරිකානු ජාතිකයන් තම රටේ නිපද වූ නෙස් කැෆේ පානය කරයි. මේ හේතුවෙන් බහුජාතික සමාගම් ජාලයක් ලෝකය පුරා ව්‍යාප්තව පවතින බව අවබෝධ කරගත හැකිය.

පසුගිය සියවස් කිහිපය තුල ප්‍රධාන වශයෙන් හිස එසවූ බහුජාතික සමාගම් වර්ගයක් ලෙස කෘෂිකාර්මික බහුජාතික සමාගම් හදුනා ගත හැකිය. මෙම බහුජාතික සමාගම් ලෝකය පුරාම ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවාගෙන ඇති බැවින් මේවා තුලින් යම් අවස්ථාවල වාසි දායක තත්වයන් මෙන්ම අවාසි දායක තත්වයන්ද නිර්මාණය වී තිබේ. එවන් තත්වයන් එක් රටකට පමනක් සීමා නොවන අතර ගෝලීය වශයෙන් බලපානු ලබයි.මෙම බහුජාතික සමාගම් විශාල වෙළද ව්‍යාපාර වන අතර මේවායේ ඉතාමත් දියුණු සංවිධානාත්මක ව්‍යූහයක් පවතී. උසස් තාක්ෂණයක් භාවිත කරන අතරම සේවකයන්ද ඉතාමත් දක්ශ පුහුනු සේවකයන්ගේ සේවාව ලබාගනී.


මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required