
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනිදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟින් ඊට එක්වන බවයි ඔහු කියා සිටියේ.
අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා දක්වා මෙලෙස ඉන්දියාවේ සංචාරය කරන අතර, එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිදුකරන ඔහුගේ පළමු විදෙස් සංචාරයද මෙයයි.