රැකියාව සහ පවුල් ජීවිතය අතර සමබරතාවය පිළිබඳ ගැටලුව සමාජයේ ඒ ඒ පරිසර අභියෝග මත වෙනස් විය හැක. මීට අමතරව, පවුල් ජීවිතය සහ කාර්යබහුල රැකියාව අතර සම්බන්ධය මානසික හා භෞතික පමණක් නොව, සමාජීය, සම්ප්‍රදායික සහ සංස්කෘතික වශයෙන්ද බලපායි.
රැකියාවා නිරත වන පුද්ගලයන්ගේ රැකියාවේ ඇතිවන මානසික පීඩනය, කාලය පවුල් සම්බන්ධතා, දරුවන්ගේ හැසිරීම, පවුලේ ආර්ථික සුරක්ෂිතතා, සහ සෞඛ්‍යය යන අංගවලට බලපායි. දිගු කාලීන වැඩ කරන අයට පවුලට අවධානය දීමට ඇති අවස්ථා මඟහැරීම සිදු වේ.එය පවුල් ජීවිත වල ගැටලු ඇති වීම තව තවත් උග්‍ර කිරීමට හේතු වේ.
ලෝකයේ විවිධ රටවල්වල රැකියාව සහ පවුල් ජීවිතය අතර සමබරතාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස, නෝර්වේ, ඩෙන්මාර්ක් සහ නවසීලන්තය වැනි රටවල්හි රැකියාව සහ පවුල් ජීවිතය සමබරව පවත්වා ගැනීමට උපකාරී නීති සහ ක්‍රමවේද , පුරවැසි අයිතිවාසිකම් ලබා දෙයි.. මේවා පවුල් කාර්යයන් හෝ පෞද්ගලික වටිනාකම් වලට විශාල අවකාශය ලබා දී ඇත.
එක්සත් ජනපදය සහ ජපානය වැනි රටවල් පවා දිගු කාලීන වැඩ කාලයන් සහ පවුල් නියෝජනයන් සඳහා සීමා ඇති බවට පමණක් නොව, ආදායම්, මව හා පියාගේ නිවාස ගිවිසුම් වලට පවා අවධානයක් යොමු කරයි. ඉන්දියාව, බංග්ලාදේශය, චීනය වැනි රටවල්හි පවතින සංස්කෘතික රැකියාව සහ පවුල් ජීවිතය අතර ගැටළු හෝ බාධාවන් ඇති කරයි.
ඉතා දිගු කාර්යභාර සහ වැඩ කාලයන් ඇති රටවල්, තම කාර්ය මණ්ඩලයන්ට සහ පවුල් අතර සම්බන්ධතා කළමනාකරණය කිරීමේ අභියෝග මතුවෙයි.. උදාහරණයක් ලෙස, ජපානය සහ එක්සත් ජනපදයේ වැඩ කාලයන් අධිකව තිබේ. වැඩ කාලය සහ පවුලේ කාර්යයන් අතර සමබරතාවය අපහසු වන අතර, පවුලේ කටයුතු කළමනාකරණය සඳහා වෙන්වන කාලය අඩු වෙයි. එමෙන්ම, කුඩා දරුවන් ඇති පවුල්වලට කාර්යමණ්ඩලයේ වැඩකිරීම් සහ පෞද්ගලික කටයුතු කිරීමට ඇති කාලය අහිමිවීමක් ද වේ . පවුලේ කාර්යයන්, සහ දරුවන්ගේ වගකීම් ද පෞද්ගලික බලපෑම් ඇති කරයි. ඒ අනුව, පවුල් ජීවිතයේ වැඩි තවදුරටත් අසමබර බවක් පවතී.
ශ්‍රී ලංකාවේ රැකියාව සහ පවුල් ජීවිතය අතර අසමබරතාවය, ආර්ථික හා සමාජ බලපෑම් මත වෙනස් වේ. දිනපතා වැඩ කාලය 8-12 පැය පමණ වන අතර, වැඩකිරීමට ගතවන කාලය පවුලේ කාර්යයන් හෝ ගෘහ කටයුතු සඳහා අවශ්‍ය කාලය සීමා කරයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික පරිසර තත්වයන් මත, පිරිමි සහ ගැහැණු අය අතර භූමිකාවන් හා කාර්යයන් බෙදා හරින ආකාරය වශයෙන් වෙනස්කම් පවතී. පවුල් කාර්යයන්ට හා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කාන්තාවන්ට ඇති කාර්යභාරය වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිසර සහ පවුල් වල පවත්නා සමාජ හා ආර්ථික ගැටළු, රැකියා කළමනාකරණය සහ පවුල් ජීවිතය සමඟ බැඳී ඇති ගැටළු තව තවත් වැඩි කරයි. පිරිමි සහ ගැහැණු අය අතර පවුල් කටයුතු බෙදා ගැනීමේ අසමබරතාවය නිසා පවුලේ අය අතර සම්බන්ධතා කළමනාකරණය බරපතල වෙයි.
මේ හේතුව නිසාවෙන් පවුල් වල සිටින දරුවන් ව මගහැරීම සිදු වේ.දරුවන්ගේ අධ්‍යාපනය සදහා දෙමව්පියන්ට වැය කිරීමට ඇති කාලය අඩු වීම සහ නිවසේ රැදී සිටීමට ඇති කාලය අඩුවීම මෙයට හේතු වේ.එසේම දරුවන්ට නිවසේදී නොලැබෙන ආදරය රැකවරනය බාහිර සමාජයෙන් සෙවීමට උත්සාහ කරන අතර ඒ මගින් ඇති වන ගැටලු මත දරුවන් ගේ අධ්‍යාපන ජීවතය මගහැරීම පවා සිදු වේ.එසේම ලංකාව ඉන්දියාව වැනි ආසියාතික රටවල් වල පවුල දෙමව්පියන් හා ඇති සංකීර්ණ සම්බන්ධතාවයන් වලට පවා බලපෑමක් ඇති වීමට මෙම අධික වැඩ සහිත කාල සීමවන් වල රැකියා වල නිර්ත වීම හේතුවක් වේ.
සෑම ආයතනයකම ඒ ඒ ආයතන වල සිටින සේවකයන්ගේ රැකියාව හා පවුල් ජීවත අතර සමබරතාවයක් ඇති වන ආකාරයට ආයතනික කාලරාඋ සකස් කල යුතුය.එසේ නොමැති වුවහොත් ආයතනය පිලිබදව සේවකයන්ගේ ඇතිවන තෘප්තිමත් භාවය අඩුවීම හා රැකියාවේ පීඩනය හා අසමබරතාව මත පවුල් වල ගැටුම් ඇතිවීම පවා සිදු වේ මෙම ගැටලු පාලනය සඳහා නව මාර්ගෝපදේශයන්, ආර්ථික පහසුකම්, පවුල් සහ කාර්ය මණ්ඩලේ ක්‍රමවේදයන් ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.
මංජුලා දිසානායක.