/
/
title icon
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කුඩා ව්‍යාපාර කරන්නන්ගේ ව්‍යාපාර වලට ඇති වූ තත්වය
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය කුඩා ව්‍යාපාර කරන්නන්ගේ ව්‍යාපාර වලට ඇති වූ තත්වය
Manjula Disanayaka
2 weeks ago
Share:
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය  කුඩා ව්‍යාපාර කරන්නන්ගේ ව්‍යාපාර වලට ඇති වූ තත්වය

            ශ්‍රී ලංකාව තවමත් සිටිනුයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඇති නොවූ අසීරු කාල පරිච්ඡේදයකයි .වසර ගණනාවක වැරදි ආර්ථික කළමනාකරණය දුර්වල පාලනය දුර්වල ප්‍රතිපත්ති තේරීම් ,covid 19 වසංගතය දූෂණ වංචා ආදී වූ ආර්ථික දේශපාලන  බලපෑම් සියල්ලෙහි එකතුවක් තුළින් ලංකාව 2022 වන විට දරුණුතම අර්බුදයකට පත් විය.දකුණු ආසියාවේ ව්‍යංපෝෂිත රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට මෙම තත්වය ඇති වීමට එක් පාර්ෂවයක් පමණක් නොව විවිධ පාර්ෂව වගකිව යුතුය.

          ශ්‍රී ලංකා රජය විසින් සිදු කල බදු කප්පාදුව හරහා ජනතාවට වියදම් අතින් පහසු කාලයක් ඇතිවිය නමුත්, වගකීම් ඉහළ මට්ටමකින් පවතින විට රජයට ලැබෙන ආදායම් අඩු කිරීම අවදානම් වන අතර, 2019 දක්වා පැවති ණය කළමනාකරණ සැලැස්මත් එයින් අඩපණ වුණා.

        මෙම විශාල බදු කප්පාදුව 2020 දී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහත වැටීමට හේතු වූ හෙයින්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ශ්‍රී ලංකාවට අසීරු වීම ඇරඹුණා. ශ්‍රී ලංකාවේ ණය බැඳීම් විදේශ සංචිත හරහා සපුරාලීමට රජය යොමු වුණේ ඉන්පසුව යි. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 ජුනි මාසය වනවිට ඩොලර් මිලියන 8864 ක් වැනි යහපත් මට්ටමේ තිබුණු ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය, 2022 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 2361 ක් දක්වා පහත වැටිනි.

මෙම අර්බුදය හේතුවෙන් ඇති වූ තත්ත්වයන් රැසක් මත එම කාල වකවානුව වන විට ලංකාව තුළ තුළ විවිධ ස්වරූපයේ සිද්ධීන් රැසක් ඇතිවිය .ඒ අනුව ,

  • භාණ්ඩවල මිල දරා ගත නොහැකි මට්ටමකට ඉහළ යාම 
  • දරිද්‍රතාවය සියලු 13 සිට 25% දක්වා ඉහළ යාම .
  • විදුලි කප්පාදු කිරීම් සීමා රහිතව සිදු කිරීම .
  • ඉන්ධන හිග වීම හා ඉන්ධන මිල ඉහළ යාම .
  • රුපියලේ අගය අවප්‍රමාණය වීම .
  • උද්ධමන අනුපාතය වසරකට 50% බැගින් ඉහළ යාම .
  • ගෑස් හිග වීම හා මිල වෙගයෙන් ඉහල යාම.

 

ශ්‍රී ලංකාවේ රජයට ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය ඉහළ යාමත් ඒ තුලින් ලංකාවට  අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ගෙන්වීමට බාධාකාරී තත්ත්වයක් නිර්මාණය විය .මෙම තත්ත්වය  ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට හේතු වූයේ ලංකාව තුළ ඩොලර් සංචිත ප්‍රමාණය අඩු වීමත් ඒ තුළින් තෙල්, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමත් තුළින්ය .එමෙන්ම රටට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ආනයනය සඳහා සීමා පැනවීම ආදිය  තුළින් රට තවදුරටත් අර්බුදකාරී තත්වයකට පත් විය .මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරවලට වඩා විශාල වශයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර වලට හා ස්වයං රැකියා කරන පිරිස් හට ඉතාමත් විශාල බලපෑමක් ඇති කිරීමට සමත් විය .

උදාහරණ ලෙස ,

  • කුඩා පරිමාණයේ ඇඳුම් මැසීම සිදුකරන අයෙකුගේ එම ස්වයං රැකියාවට අවශ්‍ය විදුලිය විදුලි කප්පාදු කිරීම තුළින් නොලැබීයාම .ඒ හේතුව නිසාවෙන් එම ස්වයං රැකියාවෙන් ලබන ආදායම වේගයෙන් අඩු වීම .
  • කුඩා පරිමාණ ආහාර පැකට් නිෂ්පාදනය ආදී වූ ගෑස් ආශ්‍රිතව සිදු කරන ස්වයං රැකියා සදහා ගෑස් හිග වීම තුළින් බාධාකාරී තත්ත්වයන් ඇතිවීම.

එමෙන්ම රැකියාවලින් සේවකයන් ඉවත් කිරීම, ඉතා විශාල මුදලක් දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යෙදවීමට සිදුවීම මත දරිද්‍රතාවය ඉතාමත් වේගයෙන් ලංකාව තුළ වර්ධනය විය .

 මෙම හේතු සාධක හේතුවෙන් ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර ලංකාවේ ජනතාව හට දෛනික  අත්‍යවශ්‍යතා සම්පූර්ණ කර කරගැනීමට  යෙදවූ මුදලට වඩා වැඩි මුදලක් යෙදවීමට සිදුවිය .මෙම තත්ත්වය මේ ආකාරයට දෛනික අවශ්‍යතා සඳහා සිදු වන විට ස්වයං රැකියා වැනි සුළු පරිමාණයේ ව්‍යාපාර සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු විය . 

ආර්ථික අර්බුදය ඇතිවීම තුළින් හා ඒ ආශ්‍රිතව ඇති වූ සිදුවීම් මාලාවෙහි  ප්‍රතිඵල ලෙස සෘජුව හා වක්‍රව යන ආකාර දෙකෙන්ම ස්වයං රැකියා කර්මාන්තයට සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා විවිධාකාර බලපෑම් එල්ල කර ඇති බවයි.

එමෙන්ම ස්වයං රැකියාවෙන් ලබාගන්නා ආදායමට වඩා වියදම වැඩිවීම නිසා ආදායම් වියදම් කළමනාකරණය කිරීම සඳහා අවබෝධයක් නොතිබීම නිසා ඔවුන්ට ඔවුන්ගේ රැකියාව කුඩා ප්‍රමාණයකින් හෝ දියුණු කර ගැනීම සඳහා අවබෝදයක් නොවීම .සාමාන්‍යයෙන් ස්වයං රැකියාවක් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බාහිරින් ගෙන්වන්නේ නම් එම අමුද්‍රව්‍යවලට අමුද්‍රව්‍ය වලට ආදේශක ලෙස සොයා ගත හැකි දේවල් සඳහා අවධානය යොමු නොකිරීම සහ ඒ පිළිබඳව අධ්‍යයනය නොකිරීම සිදු වන බව නිගමනය කළ හැකිය .

යෝජනා

  • දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ස්වයං රැකියා කරන පිරිසට තාක්ෂණික හා ඒ එහෙනඒ එහෙනම් රැකියාව සම්බන්ධව නව තොරතුරු ලබාගැනීමට අවශ්‍ය මාර්ග සපයාදීම .
  • භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ග හා නව ක්‍රමවේද භාවිතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටම් තුළින් නිලධාරීන් යෙදවීම .
  • ස්වයං රැකියාව තුළින් නිෂ්පාදනය කරන නිමි ද්‍රව්‍ය අලෙවි කර ගැනීමට මහා පරිමාණ පෞද්ගලික ආයතන හා සම්බන්ධ වී ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ස්වයං රැකියාව කරන පිරිසට ලබා දීම .
  • මුදල් හා අමුද්‍රව්‍ය කළමනාකරණය කරමින් ලාභ ලැබිය හැකි ආකාරයට ස්වයං රැකියාව කිරීමට නව ව්‍යවසායකයන් හට මූලික අධ්‍යාපනයක් ලබාදීම වෘත්තීය පුහුණු ආයතන ඔස්සේ .
  • ආනයනික අමුද්‍රව්‍ය වලට සාපේක්ෂව දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදු කළ හැකි ස්වයං රැකියා වර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම .යෝජනා ඉදිරිපත් කිරීම.

මෙම සිදුවීම් මාලාව එකවරම ජනතාව නොසිතූ වෙලාවක නොසිතූ  ආකාරයකට සිදු වන විට ජනතාව ද ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්විය .එමෙන්ම මෙම අර්බුදකාරී තත්ත්වය වර්ධනය වීමක් මිස අඩුවීමක් හෝ පාලනය වීමක් නොවීම හේතුවෙන් තව තවත් ගැටලුකාරී තත්ත්වයකට මග පෑදිණි .මේ නිසාවෙන් උද්ඝෝෂණ ආදී වූ තත්ත්වයන්ද ලංකාව තුළ නිර්මාණය විය .

මේ ආකාරයට ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය ආශ්‍රිතව ඇතිවූ සිදුවීම් මාලාව ලංකාවේ කුඩා පරිමාණ හා ස්වයං  රැකියා කර්මාන්තයේ නියැලෙන පිරිස්  හට ගැටළුවක් වීමට මග පෑදෙනු ආකාරය දැක්විය හැකිය .

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required