/
/
title icon
" ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය සහ පුහුණුව"
" ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය සහ පුහුණුව"
Manjula Disanayaka
1 month ago
Share:
" ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය සහ පුහුණුව"

2024 වසර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය හා පුහුණුව තුළ අලුත් මනෝභාවයන් සහ නව තාක්ෂණික මුලපිරීම් සහිත වසරකි .  මෙම ක්‍රීඩා  ක්ෂේත්‍රය, සෞඛ්‍ය, ආර්ථික සහ සමාජමය වශයෙන් එකට බැඳී ඇති ක්ෂේත්‍රයක් වන අතර, ක්‍රීඩා අධ්‍යාපනය හා පුහුණුව ආශ්‍රිත සියලුම කෙටුම්පත් හා  යෝජනා  2024 වසරේ අලුත් මාර්ග සංවර්ධනය කිරීමට සූදානමින් සිටියි. වර්තමාන හා පසුගිය වසරවල, ක්‍රීඩා අධ්‍යාපනය හා පුහුණුවේ අගය සහ අවශ්‍යතාවය ඉතාමත්ම වර්ධනය වී තිබේ. විශේෂයෙන්, 2024 වන විට, ක්‍රීඩා ක්ෂේත්‍රය මිනිස්සුන්ගේ ජීවිතයට බලපෑම් කරන නිසාවෙන්, ක්‍රීඩා අධ්‍යාපනයේ නව පර්යේෂණ හා ක්‍රම මඟින්, ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීම හා ක්‍රීඩකයින්ගේ ශාරීරික සහ මානසික තත්වය  ඉහළ දැමීමේ අපේක්ෂාවන් මතු වී තිබේ 

2024 වසරේදී, ක්‍රීඩා පුහුණුවේ අලුත්ම මාර්ග, තාක්ෂණ හා ක්‍රමවේද එනම්, ක්‍රීඩකයින්ට සියලුම අංගවල වර්ධනය සලසන අවශ්‍යතාවය මතුවේ. එහි අරමුණ, ක්‍රීඩකයන්ට නව ශාරීරික හා මානසික කුසලතා ලබා දීමේ අරමුණයි. ඒ තුලින් ක්‍රීඩා පද්ධති සහ උපාය මාර්ග පරිහරණය කරමින්, ක්‍රීඩා පුහුණුවේ ගුණාත්මකභාවය වැඩි දියුණු වීමට ඉඩ සලසයි. ක්‍රීඩා අධ්‍යාපනය සාර්ථකව ප්‍රචලිත කර ගැනීමේදී, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවල සටනට යොමු කරන ක්‍රීඩකයන්ගේ මනෝභාවය හා කුසලතා නිවැරදිව පුහුණු කිරීම අවශ්‍ය වේ. එය, 2024 වසරේ ක්‍රීඩා අධ්‍යාපනය හා පුහුණුවෙහි අංගයක් බවට පත්ව ඇත.  තාක්ෂණික ක්‍රීඩාගාර  සහ ක්‍රීඩා අධ්‍යාපනය, ක්‍රීඩා පුහුණුව හා අධ්‍යාපනය නව මෘදුකාංග සහ දත්ත විශ්ලේෂණ ක්‍රම භාවිතා කිරීමට මඟ පෙන්වයි. ක්‍රීඩා කුසලතා මැනීමට අලුත්ම තාක්ෂණ මඟින් නිවැරදි තොරතුරු හා පර්යේෂණ අවස්ථා සලසා දීම හෝ, ක්‍රීඩකයන්ගේ පුහුණුව වර්ධනය  කිරීමට උපකාරී වේ.

2024 වසරේ ක්‍රීඩා අධ්‍යාපනය සහ පුහුණුව, ක්‍රීඩකයන්ගේ ශාරීරික ශක්තිය හා මනෝභාවය අභිවෘද්ධි කිරීමට උදව් කරයි. එමඟින්, ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ධනය වන අතර, ජාත්‍යන්තරව ගත්විට දීප්තිමත් තරඟවල වාසි ලබා ගැනීමේ අවස්ථා පුළුල් වෙයි. ක්‍රීඩා ක්ෂේත්‍රයේදී අවශ්‍ය  වෘත්තීය සහ මානසික කුසලතා වර්ධනය සඳහා අධ්‍යාපන හා පුහුණු මුල් පදනම පිළිබඳ දැක්වීමේ අවශ්‍යතාවය අද වන තෙක් ද ඉතා වැදගත් වී තිබේ . මේ වසරේ  ක්‍රීඩා අධ්‍යාපනය  සිදු වන්නේ කුසලතා පුහුණුව තුල ඇති  නව ප්‍රවණතා මඟින් ය. විශේෂයෙන්, තරුණ පරපුරේ ක්‍රීඩකයන්ට විශ්වාස සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අලුත්ම ක්‍රමවේද හඳුන්වා දී ඇත. ක්‍රීඩා අධ්‍යාපනය අතුරින් ක්‍රීඩකයන්ට නවම ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ, හා පුහුණුව අරමුණු සලසන අංග හදුන්වා දී ඇත. 2024 වසරේ, තම ශාරීරික හැකියාවන් අතින් හා පවතින තරඟ සහ ප‍්‍රතිචාර මත අනුවර්ත වී ඉහල  මට්ටමකට පත් වීමට අවශ්‍ය අලුත් ක්‍රම හඳුනා ගැනීමේ කටයුතු තුළ ක්‍රීඩා පුහුණුව ඉතා වැදගත් වේ.  2024 වසරේදී, ක්‍රීඩා අධ්‍යාපනය සහ පුහුණුව තොරතුරු තාක්ෂණය, දත්ත විශ්ලේෂණය සහ ක්‍රීඩා විද්‍යාත්මක පද්ධති මඟින් නවීන කිරීමක් ලබයි. ක්‍රීඩකයන්ගේ කුසලතා මැනීමට සහ ශාරීරික දෝෂ හඳුනා ගැනීමට තාක්ෂණික උපකරණ භාවිතා කිරීම මඟින් අලුත්ම සහ පිරිසිදු ක්‍රීඩා පුහුණුවක් සලසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය, වර්තමාන සමාජයේ ඉතා වැදගත් මට්ටමක තිබුණත්, එහි දී මතුවන ගැටලු කිහිපයක් ඇත. මෙම ගැටලු, ක්‍රීඩා අධ්‍යාපනයේ පාරිසරික, ආර්ථික, සමාජීය හා වෘත්තීය මට්ටම් මත බලපෑම් කරන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ධනය කිරීමට බාධා බවට පත්වේ. මේ ගැන විස්තර කිරීම සඳහා පලමුව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ මූලික ගැටලු පහත පරිදි සාකච්ඡා කල යුතුය.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය පාසල් මට්ටමේ ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව නොමැති වීමක් පවතියි. පාසල් මට්ටමේ ක්‍රීඩා පුහුණුකරුවන් අඩු වීම හා ක්‍රීඩා පහසුකම් මත විශාල අඩුපාඩුවක් පවතින අතර, එම ගැටලුව නිසා ක්‍රීඩා අධ්‍යාපනයේ කුසලතා වැඩිදියුණු කිරීමේ අවස්ථාවන් සීමා වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ කුසලතා මැනීමේ ක්‍රමවේදයේ අඩුවීම හා පුහුණුව ලබා දීමට සම්පූර්ණයෙන් විශ්වාස නොකරන පද්ධති දක්වා ඉහළ මට්ටමේ අඩු කාර්යක්ෂමතාව පවතියි. 2024 වන විට, ක්‍රීඩා කුසලතා මැනීමේ නිවැරදි පද්ධති හා පර්යේෂණ ප්‍රවණතා ලබා දීම අඩුමට්ටමින් ඇත.

ක්‍රීඩා පුහුණුව සඳහා කාර්ය මණ්ඩලයේ අඩු සුදුසුකම් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට විශේෂඥයන්ගේ ප්‍රතිපත්තිය කෙරෙහි ගැටලු මතුවේ. පුහුණුකරුවන්ගේ අවශ්‍ය සුදුසුකම් හා නිසි පුහුණු ක්‍රමයන් අඩුවීම, ක්‍රීඩකයන්ට නව මාර්ගෝපදේශ ලබා දීම හා ශාරීරික හා මානසික කුසලතා වර්ධනය කිරීමේ හැකියාව අඩු කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ මූල්‍ය සම්පත් සීමා වන අතර, ක්‍රීඩා පහසුකම්, තාක්ෂණික උපකරණ සහ පුහුණුව සඳහා ආයෝජන වැඩි කිරීමට අවශ්‍ය වියදම් ලබා නොදීම ගැටලුවක් ලෙස පවතියි. මේ ගැටලුව, ක්‍රීඩකයන්ට නිවැරදි පුහුණුව ලබා දීමේ හැකියාව අඩු කරයි.

ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිමය ආධාර සහ රීති මට්ටම පවතින අඩුමට්ටමක තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රය හා ක්‍රීඩා සංවිධානයන් අතර සමීප සම්බන්ධය නොමැතිවීම මේ සදහා බලපා ඇත.

නව පරපුරේ ක්‍රීඩකයන්ට කුසලතා සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා අනුගමනය කිරීමට අවශ්‍ය ආකෘති සහ සංකල්ප අඩුවීමක් ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය, ජාතික මට්ටමින් වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග බොහෝ වාර්තා වූවත්, නව නීතිමය, මූල්‍ය සහ ක්‍රීඩා සම්පත් වර්ධනය කිරීම සඳහා නව නිර්මාණශීලි ක්‍රමවේද ගත යුතුය. 2024 වසරේදී, එම ගැටලු නිවැරදිව හඳුනා ගැනීම සහ විසඳීම සඳහා ක්‍රීඩා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම ක්ෂේත්‍රයන් එකතු විය යුතුය. 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ මුල් ගැටලු හඳුනාගෙන, ඒවා විසඳා ගැනීම සඳහා කටයුතු කළ යුතුය. ක්‍රීඩා අධ්‍යාපනයේ වර්ධනය සඳහා පුහුණුකරුවන්ගේ සුදුසුකම් වර්ධනය කිරීම, ක්‍රීඩා පහසුකම් වැඩි කිරීම සහ සමාජයේ ක්‍රීඩා පිළිබඳ අවබෝධය වැඩි කිරීම ඉතා වැදගත්ය. එමෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රය සාර්ථකව වර්ධනය වන පරිදි, ජාතික හා විදේශීය මට්ටම්හිද ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කුසලතා ඉහළ යන අතර, එය රටේ  ජාතික ආර්ථිකයට ද වාසියක් වේ.

මංජුලා දිසානායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required