/
/
title icon
ටැටූ කලාවේ ඉතිහාසය
ටැටූ කලාවේ ඉතිහාසය
Kavindi Yaggahavita
2 months ago
Share:
ටැටූ කලාවේ ඉතිහාසය

ටැටූ කලාව දශක ගණනාවක ඉතිහාසයක් ඇති කලාවකි. වර්ණක සම තුලට ඇතුල්කර කරන මේ කලාවට ටැටූ යන නාමය ලැබී ඇත්තේ ටහිටියානු (tahitian) භාෂාවේ එන “ටටු”  යන පදයෙනි. මෙහි සිංහල තේරුම වන්නේ “යමක් සලකුණු කිරීම” යන්නයි.

වසර 12000කට වඩා පැරණි, ටැටූ සදහා භාවිතා කරන්නට ඇතියි සිතිය හැකි උපකරණ කැණීම්වලින් සොයාගෙන ඇත. ඕට්ස් නිම්නයේ තිබී සොයා ගන්න ලද “ඕට්ස් අයිස් මැන්”  ලෙසින් හදුන්වන මමියේ සම මතුපිට ඇති ටැටූ, හදුනාගත් ලොව පැරණිතම ටැටූ සහිත මිනිස් ශරීරය ලෙස සැලකනු ලබයි. මිට අමතරව ඊජිප්තු මමී තුලද ටැටූ සොයාගෙන තියෙනවා. ටැටූ භාවිතය ආරම්භ වන්නට ඇතෙයි සැලකෙන්නේ කි.පු. 4 වැනි සියවසේදී පමණය. ඊජිප්තුවේ පිරමීඩ ඉදිකරන කාලයේදී ටැටූ කලාවක් ලෙස ව්‍යාප්ත වන්නට ඇති බව සැලකේ.

මීට අමතරව ටැටූ කලාවේ ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉතිහාසගතව පවතී. විවිධ රටවල්වල වහල් සේවයේ යෙදුණ පුද්ගලයන්ගේ ශරීරයේ කෙටූ විවිධ නාමයන්, රෑප සහ අංක පසුකාලීනව පච්ච කලාව හෙවත් ටැටූ කලාව ව්‍යාප්ත වීමට හේතු වී ඇත.

ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තියත් සමගම ටැටූ කලාව රළු, චණ්ඩ සම්ප්‍රදායක් ලෙස පිලිගැනීමට ලක් විය. මේ හේතුවෙන් යුරෝපය තුල ටැටූ කලාව මිලන වන ලදී. පසුකාලීනව යුරෝපිය දේශ ගවේශකයින් ඔවුන් සංචාරය කල රටවල ස්වදේශිකයන් ගේ ටැටූ කලාව යුරෝපය තුල ප්‍රචලිත කරන ලදී. යුරෝපිය රටවල මෙන්ම චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව හා ජපානය වැනි ආසියාතික රටවලත් අතීතයේ පටන් ටැටූ කලාව ව්‍යාප්තව පැවති ඇත.

අතීතයේදී විවිධ අරමුණු සදහාද ටැටූ යොදා ගැනීම සිදු විය. මේවා රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය. ග්‍රීක වැසියන් තමන්ගේ ඔත්තුකරුවන් හදුනා ගැනීමට සහ ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් සදහා ටැටූ යොදාගත් අතර රෝමානුවන් අපරාධකරුවන් සහ වහලුන් සලකුණු කිරීමට ටැටූ යොදා ගත්හ. වර්තමානයේදීත් විවිධ සංවිධාන තමන්ගේ සාමාජිකයින් හදුනා ගැනීමට ඔවුනට අවේනික වූ සංකේත ටැටූ ලෙස භාවිතා කරනු ලබයි.

ලංකාවේදී 1960 ගණන්වලදීත් බ්‍රිතාන්‍යයේ කොයිල් මැෂින් වලින් ටැටූ කළ ශ්‍රී ලංකාවේ ජේමිස් අයියා යැයි පුද්ගලයකු ජීවත්ව සිටි බවට ඉතිහාසයේ සඳහන් වෙයි. එකල පච්ච කෙටීම අද වන විට ටැටූ කලාව ලෙසින් හඳුන්වයි. පච්ච කලාව අද වනවිට ඉතා සාර්ථක ලෙසින් විකාශය වන අතරම නවීන තාක්ෂණික මෙවලම් නිර්මාණය වී ඇත. එවැනි තාක්ෂණික මෙවලම් සහ අවශ්‍ය තීන්ත නිෂ්පාදනය කරන විශාල කර්මාන්තශාලා පවා ලොවපුරා ආරම්භ වී ඇති බව සඳහන් වේ.

වර්තමානය වනවිට ටැටූ කලාව සැම රටකම සැම නගරයකම ව්‍යාප්ත වී ඇත. දක්ෂ ටැටූ ශිල්පින් මෙන්ම මුදල් ඉපයීම සදහා සුදුසුකම් නොලත් ටැටූ ශිල්පීන්ද වර්තමාන ටැටූ කලාව තුල නියැලෙයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required