
පසුගිය මහ මරත්වරණයට ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා.
කෙසේ වෙතත්, එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාව පත්කරනු ඇති බවට මීට පෙර වාර්තා පළ වුණා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර, ඉන් එකක් සඳහා රවී කරුණානායකව මීට පෙර නම් කරනු ලැබුවා.