/
/
title icon
සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කෙරේ
සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කෙරේ
Editor
2 months ago
Share:
සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කෙරේ

දෙසැම්බර් 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 2300ක් ආනයනය කර ඇති බව රේගූ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ලැබී ඇති සහල් තොග අතර තම්බපු සහල් මෙට්‍රික් ටොන් 1600ක් සහ කැකුළු සහල් මෙට්‍රික් ටොන් 680ක් පමණ ඇති බවයි.

මෙම සහල් තොග නිෂ්කාශනය කිරීමට පෙර ආහාර පරීක්ෂකවරුන්ගේ සහ ශාක නිරෝධායන කාර්යාලයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවත් ඒ මහතා පවසනවා.

ආනයනය කරනු ලැබූ මෙම සහල් තොග ආනයනකරුවන් වෙත ඉතා ඉක්මනින් මුදා හැරීමට සඳහා ශ්‍රී ලංකා රේගුව ප්‍රමුඛතාව ලබාදී ඇතැයිද ලැබී ඇති සහල් තොග අතරින් මේ වනවිට 90%කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇති බවද අතිරේක රේගු අධ්‍යක්ෂවරයා මෙහිදී කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required