/
/
title icon
ජනපති අනුර ඉන්දීය සංචාරය අතරතුර බුද්ධගයාවටත්
ජනපති අනුර ඉන්දීය සංචාරය අතරතුර බුද්ධගයාවටත්
Editor
2 months ago
Share:
ජනපති අනුර ඉන්දීය සංචාරය අතරතුර බුද්ධගයාවටත්

ජනාධිපති කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෝපද්‍රී මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වනු ඇති.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතාගේ පළමු විදෙස් සංචාරයද මෙයයි. 

එම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ජනපතිවරයා ද්වීපාර්ශ්විකව සාකච්ඡා පැවැත්වීමට නියමතයි.

එසේම, දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට එක්වීමටද නියමිතව තිබෙනවා.

ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required